රත්නපුරේදී කාන්තාවකට පහර දුන් පොලිස් සැරයන්ගේ සේවය අත්හිටුවයි

රත්නපුරේදී කාන්තාවකට පහර දුන් පොලිස් සැරයන්ගේ සේවය අත්හිටුවයි

කර්තෘ Kumudu Jayawardana

29 Sep, 2014 | 2:41 pm

රත්නපුර ප්‍රධාන බස් නැවතුම්පොළ ආසන්නයේදී කාන්තාවකට පහර දීමේ සිද්ධියට සම්බන්ධ පොලිස් සැරයන්වරයාගේ සේවය අත්හිටුවා තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා සඳහන් කළේ, රත්නපුර සහකාර පොලිස් අධිකාරීවරයා විසින් ඔහුගේ සේවය අත්හිටවනු ලැබ ඇති බව ය.

මෙම පහර දීම සම්බන්ධයෙන් කළ පරීක්ෂණයකින් අනතුරුව මෙම තීරණය ගෙන තිබේ.

 

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]