මාලබේ වෛද්‍ය විද්‍යාලයේ සිසුන්ට රජයේ රෝහල්වල සායනික පුහුණුව දීමට සෞඛ්‍ය ඇමති එකඟ වෙයි

මාලබේ වෛද්‍ය විද්‍යාලයේ සිසුන්ට රජයේ රෝහල්වල සායනික පුහුණුව දීමට සෞඛ්‍ය ඇමති එකඟ වෙයි

මාලබේ වෛද්‍ය විද්‍යාලයේ සිසුන්ට රජයේ රෝහල්වල සායනික පුහුණුව දීමට සෞඛ්‍ය ඇමති එකඟ වෙයි

කර්තෘ Sagarika Chathumali

29 Sep, 2014 | 1:14 pm

මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ සිසුන්ට රජයේ රෝහල්වල සායනික පුහුණුව ලබා දීමට සෞඛ්‍ය අමාත්‍යංශය අද එකඟත්වය පළ කළේ ය.

සෞඛ්‍ය අමාත්‍යංශය එලෙස එකඟත්වය පළ කළේ, ඊවා වනසුන්දර, චන්ද්‍රා ඒකනායක යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මීට අදාල පෙත්සමක් විභාගයට ගත් අවස්ථාවේදී ය.

ඒ අනුව, මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ උපාධි අපේක්ෂකයින් පස් දෙනෙකු විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පනවා තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම අද ඉල්ලා අස්කර ගැනිණි.

එම පෙත්සම ඉදිරිපත් කර තිබුණේ, සෞඛ්‍ය ඇමතිවරයා, උසස් අධ්‍යාපන අමාත්‍යවරයා, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඇතුළු නිලධාරින් දස දෙනෙකුට එරෙහිව ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]