පොලිස් නිලධාරියෙකු කාන්තාවකට පහර දෙන වීඩියෝ පටය සම්බන්ධයෙන් පොලීසියේ ප්‍රතිචාරය (VIDEO)

පොලිස් නිලධාරියෙකු කාන්තාවකට පහර දෙන වීඩියෝ පටය සම්බන්ධයෙන් පොලීසියේ ප්‍රතිචාරය (VIDEO)

කර්තෘ Sagarika Chathumali

29 Sep, 2014 | 10:14 am

රත්නපුර නගරයේදී පොලිස් නිලධාරියෙකු කාන්තාවකට පහර දෙන වීඩියෝ පටයේ අඩංගු කරුණු 100%ක් විශ්වාස නොකරන බව පොලිස් මූලස්ථානය පවසයි.

මේ අතර සිද්ධියට සම්බන්ධ පොලිස් සැරයන්වරයා හඳුනාගෙන ඇතැයි ද පොලීසිය පැවසී ය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා පැවසුවේ, සිද්ධිය සම්බන්ධයෙන් අදාළ කාන්තාවගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමට බලාපොරොත්තු වන බව ය‍.

එසේම අදාළ සිද්ධිය ඇසින් දුටු පුද්ගලයින්ගෙන් ද සාක්ෂි සටහන් කර ගැනීමට බලාපො‍රොත්තු වන බව ඔහු සඳහන් කළේ ය.

විමර්ශනවලින් අනතුරුව අදාළ පොලිස් සැරයන්වරයා චේතනාන්විතව පහර දීමක් සිදු කර ඇත්නම් ඔහුට එරෙහිව අධිකරණමය සහ විනය ක්‍රියාමාර්ග ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩි දුරට ත් පැවසී ය.

සිද්ධියට අදාළ වීඩියෝව පහතින් දැක්වේ.

 

 

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]