පොල්ගස්ඕවිටදී අතුරුදන් වූ දරුවාගේ මළ සිරුර  කහතුඩුව මහ ඇලෙන් සොයාගනී

පොල්ගස්ඕවිටදී අතුරුදන් වූ දරුවාගේ මළ සිරුර කහතුඩුව මහ ඇලෙන් සොයාගනී

පොල්ගස්ඕවිටදී අතුරුදන් වූ දරුවාගේ මළ සිරුර කහතුඩුව මහ ඇලෙන් සොයාගනී

කර්තෘ Chathuranga Rajapaksha

29 Sep, 2014 | 5:37 pm

පොල්ගස්ඕවිට ප්‍රදේශයේදී අතුරුදහන් වූ හෂාන් විමුක්ති සිසුවාගේ මළ සිරුර අද කහතුඩුව මහ ඇලේ පාවෙමින් තිබියදී සොයාගෙන තිබේ.

පෙරේදා පස්වරුවේ සිට අතුරුදන්ව සිටි පොල්ගස්ඕවිට, සියඹලාගොඩ ප්‍රදේශයේ පදිංචි 14 හැවිරිදි හෂාන් විමුක්ති සිසුවා ගැන තොරතුරු සොයා කහතුඩුව පොලීසිය මෙහෙයුමක නිරත වූහ.

හෂාන්ට සිදුවී විපත හෙළි වූයේ අවසන්වරට ඔහු හා සිටි මිතුරෙකු විසින් ලබාදුන් තොරතුරු අනුවයි.

මිතුරා ප්‍රකාශ කර ඇත්තේ, පෙරේදා පස්වරුවේ අධිවේගි මාර්ගයේ කහතුඩුව පිවිසුම ආසන්නයේ මහ ඇලෙහි  දියේ නාමින් සිටියදී හෂාන් දියේ ගිලී අතුරුදහන් වූ බව ය.

ඒ අනූව අද උ‍දෑසන නාවික හමුදාවේ කිමිඳුම්කරුවන් හෂාන් සොයා මහ ඇලෙහි සෝදිසි මෙහෙයුමක් ද ආරම්භ කළේය.

ඒ අතර තුර පුද්ගලයකුගෙන් ලද තොරතුරකට අනූව සෝදිසි මෙහෙයුම සිදුකළ ස්ථානයට කිලෝ මීටරයක් පමණ දුරකින් සිරුර පාවෙමින් තිබියදී සොයා ගත් බව අප වාර්තාකරු පැවසීය.

පසුව  මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් අනතුරුව අධිකරණ වෛද්‍ය පරීක්ෂණයක් සඳහා සිරුර කළුබෝවිල රෝහල වෙත යොමු කෙරිණ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]