පන්නීර්සෙල්වම් දිවුරුම් දෙද්දී ජයලලිතා වෙනුවෙන් කඳුළු සලයි

පන්නීර්සෙල්වම් දිවුරුම් දෙද්දී ජයලලිතා වෙනුවෙන් කඳුළු සලයි

පන්නීර්සෙල්වම් දිවුරුම් දෙද්දී ජයලලිතා වෙනුවෙන් කඳුළු සලයි

කර්තෘ Kumudu Jayawardana

29 Sep, 2014 | 3:57 pm

තමිල්නාඩු ප්‍රාන්තයේ හිටපු ප්‍රධාන අමාත්‍ය ජයලලිතා ජයරාම් සිරගත කිරීමෙන් හිස්වූ ප්‍රධාන අමාත්‍ය ධුරය සඳහා දිවුරුම් දෙන අවස්ථාවේ ඕ. පන්නීර්සෙල්වම් කඳුළු සලමින් හඬා තිබේ.

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, තමිල්නාඩු රජයේ අමාත්‍යවරුන් 32 දෙනාගෙන් වැඩි දෙනෙකු එම අවස්ථාවේ කඳුළු සැලූ බව ය.

තමිල්නාඩු ප්‍රාන්තයේ හිටපු ප්‍රධාන අමාත්‍ය ජයලලිතා ජයරාම් වසර 4ක් සඳහා ඊයේ බන්ධනාගාරගත කෙරිණි.

තමිල්නාඩු ප්‍රාන්ත ප්‍රධාන අමාත්‍ය ජයලලිතා ජයරාම්ට එල්ල වූ දූෂණ චෝදනා සම්බන්ධයෙන් ඇයට එම සිර දඬුවමක් නියම කෙරිණ.

වසර 18කට පමණ පෙර, ගොනු කරන ලද දූෂණ ‍චෝදනා නඩුවේ තීන්දුව අද ප්‍රකාශයට පත් කළේ, බැංගලෝර්හී විශේෂ අධිකරණයකදී ය.

ජයලලිතා ජයරාම්ට එරෙහිව එම නඩුව ගොනු කරනු ලැබුවේ,  ප්‍රතිවාදී තමිල්නාඩු දේශපාලන පක්ෂයක් වන ඩී.එම්.කේ පක්ෂයයි.

තමිල්නාඩු ප්‍රාන්ත ප්‍රධාන අමාත්‍ය ධුරයට ඇය 1991 වසරේදී පළමුවරට පත්වීමේදී පැවති ඉන්දීය රූපියල් කෝටි 03ක වත්කම් ප්‍රමාණය වසර 05ක් තුළ ඉන්දීය රුපියල් කෝටි 66 ක් දක්වා ඉහළ ගිය ආකාරය සම්බන්ධයෙන් එම නඩුවෙන් අභියෝගයට ලක් කර තිබිණි.

SOURCE: NDTV

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]