ජනපති වතිකානුවේ සංචාරයකට සැරසෙයි

ජනපති වතිකානුවේ සංචාරයකට සැරසෙයි

ජනපති වතිකානුවේ සංචාරයකට සැරසෙයි

කර්තෘ Sagarika Chathumali

29 Sep, 2014 | 7:08 am

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මේ සතියේදී වතිකානුව බලා පිටත්ව යාමට නියමිතව තිබේ.

ජනාධිපති ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ, ශුද්ධෝත්තම ෆ‍්‍රැන්සිස් හිමිපාණන්ගේ ශ‍්‍රී ලංකා සංචාරයට අදාළ නිල ආරාධනය සිදු කිරීම සඳහා ජනාධිපතිතුමා එලෙස වතිකානුව බලා පිටත් ව යාමට නියමිත බව ය.

අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පසුගියදා පැවසුවේ, ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් හිමිපාණන් ලබන වසරේ ජනවාරි 13 වැනි දින මෙරටට සැපැත්වන බව ය.

එදින කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී පැවැත්වෙන නිල උත්සවයෙන් පසු ශුද්ධෝත්තම හිමිපාණන් විවෘත රථයකින් කොළඹ – මීගමුව මාර්ගය ඔස්සේ කොළඹට පැමිණීමට නියමිත බව අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සඳහන් කළේ ය.

ශූද්ධෝත්ම හිමිපාණන්වරයෙකු ශ්‍රී ලංකාවේ සංචාරය කරන තෙවන අවස්ථාව මෙය වේ.

මෙම සංචාරයේදී ශුද්ධෝත්ත හිමිපාණන් ලබන වසරේ ජනවාරි 14 වැන දින පෙරවරුවේ ගාලු මුවදොර පිටියේදී ප්‍රසිද්ධ දේව මෙහෙයක් පැවැත්වීමට නියමිත අතර පස්වරුවේ මඩු දේවස්ථානයේදී තව ත් දේවමෙහෙයක් පැවැත්වීමට ද නියමිතව ඇත.