ඉදිරි ජනාධිපතිවරණයේදී හෙළ උරුමයෙන් කොන්දේසි මාලාවක්

ඉදිරි ජනාධිපතිවරණයේදී හෙළ උරුමයෙන් කොන්දේසි මාලාවක්

ඉදිරි ජනාධිපතිවරණයේදී හෙළ උරුමයෙන් කොන්දේසි මාලාවක්

කර්තෘ Chathuranga Rajapaksha

29 Sep, 2014 | 8:44 pm

ඉදිරි ජනාධිපතිවරණයේදී ජාතික හෙළ උරුමය කොන්දේසි මාලාවක් ඉදිරිපත් කරන බව බස්නාහිර පළාත් සභා අමාත්‍ය උදය ගම්මන් පිල මහතා පවසයි.

ඔහු මේ බව පැවසුවේ ඊයේ මහනුවර පැවති ජන හමුවකදී ය.

බස්නාහිර පළාත් අමාත්‍ය උදය ගම්මන්පිල මහතා

[quote]ආයි ජාතික හෙළ උරුමයට රාජා භවතු ධම්මිකෝ කියන්න සිද්ධ වෙලා තියෙනවා. අපි නුදුරු අනාගතයේදීම සිංහල බෞද්ධයාගේ හඬ මේ රටේ නිහඬ බහුතරයගේ අයිතීන් වෙනුවෙන් අනාගත ජනාධිපතිවරයා ලබා දිය යුතු දේ මොනවාද කියන එක ප්‍රසිද්ධ කරන්න සූදානම්. අපේ සහය අපි ලබා දෙන්නේ අන්න ඒ අපේක්ෂකයාටයි. අපි විතරක් නෙවේ මේ ගැන කතා කරන්නේ ඉතිහාසය පුරාම ඡන්ද කට්ටි වෙන්දේසි කරපු සම්බන්ධන්ලා, රවුෆ් හකීම්ලා, තොන්ඩමන්ලා ඡන්ද තුට්ටි පෙන්න පෙන්නකේවල් කරන්න පටන් ගන්නවා. ඒ අය නම් ඉල්ලන්නේ අපිට ඇමති ධූර කීයද? නියෝජ්‍ය ඇමති ධූර කීයද? සංස්ථා සභාපතිකම් කීයද? තානාපතිධූර කීයද? සල්ලි වලින් නම් කීයක් ලැබෙනවද කියන එකයි. අපිට ඇමති ධූර වැදගත් වන්නේ නැහැ. අපිට වැදගත් වුනේ ප්‍රතිපත්ති. අන්න ඒ සටන ජයග්‍රහණය කරවන්න පක්ෂ පාට පැත්තක තියලා අපිත් එක්ක එකතු වෙන්න කියලා දේශප්‍රේමී ඔබ සැමගෙන් ඉල්ලා සිටිමින් මම නිහඬ වෙනවා.[/quote]

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]