ඇඹිලිපිටියේදී ත්‍රිරෝද රථ රියැදුරෙකුට පොලීසියෙන් ප්‍රහාරයක් (Video)

ඇඹිලිපිටියේදී ත්‍රිරෝද රථ රියැදුරෙකුට පොලීසියෙන් ප්‍රහාරයක් (Video)

කර්තෘ Chathuranga Rajapaksha

29 Sep, 2014 | 9:51 pm

ඇඹිලිපිටිය, පනාමුර මංසන්ධියේදී පොලීසිය කළ බව කියන පහරදීමකින් පුද්ගලයෙකු රෝහල්ගත කර තිබේ.‍

පොලීසිය පැවසුවේ, එවැනි පහරදීමක් සිදුව නොමැති බව ය.

ඇඹිලිපිටිය පනාමුර මංසන්ධියේදී ත්‍රිරෝද රියදුරෙකු පරීක්ෂා කිරීමට ඊයේ දහවල් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ගොස් තිබේ.

සිද්ධිය දුටුවෙක්

[quote]පොල්ස් ජිප් එක ඇවිල්ලා නවත්තලා පාර මැද, මෙයාට කතා කරලා ගත්තා. කතා කරලා අරගෙන මොනවද විස්තර ටිකක් ඇහුවා, අහලා අරහේ මෙහේ චෙක් කරා, චෙක් කරලාට මොකුත් එහෙම තිබ්බේ නෑ, වැරදි දේවල් කරන්නේ නැහැ, ඊට පස්සේ මේ මෙයාට ගහගෙන ගහගෙන ගියා දෙක තුනක්.  ඊට පස‍්සේ මෙයා  වැටුනා, වැටුණට පස්සේ මෙයා අමාරුයි, ඊට පස්සේ ‍මේ වීල් එකේ දමාගෙන මායි පාර්ක් එකේ අයියා කෙනෙකුයි ආවා ඉස්පිරිතාලෙට.[/quote]

තුවාල ලැබූ පුද්ගලයා මේ වනවිට ඇඹිලිපිටිය මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.

පොලීසිය පැවසුවේ, ගංජා ‍අලෙවි කරන බවට ලැබුණු තොරතුරක් මත මෙම ත්‍රිරෝද රථය පරීක්ෂා කළ පනාමුර පොලිසියේ නිලධාරීන් ආපසු පැමිණෙන විට ත්‍රිරෝද
රථයේ රියදුරු බිම ඇඳවැටී ඇති බව ය.

පසුව ඔහු රෝහල්ගත කෙරුණු බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.