ආසියාවේ වේගවත්ම ක්‍රීඩකයා කටාර් රාජ්‍යයෙන්

ආසියාවේ වේගවත්ම ක්‍රීඩකයා කටාර් රාජ්‍යයෙන්

ආසියාවේ වේගවත්ම ක්‍රීඩකයා කටාර් රාජ්‍යයෙන්

කර්තෘ Chathuranga Rajapaksha

28 Sep, 2014 | 10:29 pm

ආසියාවේ වේගවත්ම ක්‍රීඩකයා ලෙස කටාර් රාජ්‍යයේ ෆෙමි සිඕන් ඔගුනොඩි අද කිරුළු පැළඳුවේය.

ආසියානු ක්‍රීඩා උළෙලේ මීටර් 100 පිරිමි ඉසව්ව ඔහු අද  ජයගත්තේ නව ආසියානු වාර්තාවක් මෙන්ම නව තරගාවලි වාර්තාවක්ද පිහිටුවමින් ය.

17 වැනි ආසියානු ක්‍රීඩා උළෙලේ මලල ක්‍රීඩා පැවැත්වෙන දෙවැනි දිනය වූ අද මීටර් 100 පිරිමි හා කාන්තා ඉසව්වෙත කාගේත් අවධානය යොමුවිය.

එහි පිරිමි මීටර් 100 ඉසව්ව නව ආසියානු වාර්තාවක් හා නව තරගාවලි වාර්තාවක් සමගින් ජය ගත් කටාර් රාජ්‍යයේ ෆෙමි සිඕන් ඔගුනොඩ් එහිදී ගතකළ කාලය තත්පර 9යි දශම 9යි 3කි.

රිදී පදක්කම චීන ක්‍රීඩකයෙකු හිමි කරගනිද්දී ලෝකඩ පදක්කමට ජපාන ක්‍රීඩකයෙකු විසින් දිනාගනු ලැබිණි.

ආසියාවේ වේගවත්ම ක්‍රීඩිකාව ලෙස චිනයේ යොංග්ලී වේයි, මෙවර මීටර් 100 කාන්තා ඉසව්වෙන් රන් පදක්කම දිනා ගත්තා ය.

ඇය එම ඉසව්ව අවසන් කළේ, තත්පර 11යි දශම 4යි 8ක කාලයක් වාර්තා කරමින් ය.

රිදී පදක්කම ජපාන ක්‍රීඩිකාවකට හිමිවූ අතර  කසක්ස්තාන ක්‍රීඩිකාවක් ලෝකඩ පදක්කම හිමි කර ගත්තේය.