විදුලි බුබුළු 6ක් දල්වන නිවසකට ලක්ෂ එකහමාරක බිලක්: බිල දුටු නිවසේ හිමිකරු හෘදයාබාධයකට ලක්වෙයි

විදුලි බුබුළු 6ක් දල්වන නිවසකට ලක්ෂ එකහමාරක බිලක්: බිල දුටු නිවසේ හිමිකරු හෘදයාබාධයකට ලක්වෙයි

විදුලි බුබුළු 6ක් දල්වන නිවසකට ලක්ෂ එකහමාරක බිලක්: බිල දුටු නිවසේ හිමිකරු හෘදයාබාධයකට ලක්වෙයි

කර්තෘ Chathuranga Rajapaksha

25 Sep, 2014 | 7:38 pm

විදුලි බුබුළු 6ක් දල්වන නිවසකට රුපියල් ලක්ෂ එකහමාරක විදුලි බිලක් ලැබීමේ පුවතක් බද්දේගමින් වාර්තා විය.

බද්දේගම, අකුරටිය උඩගම ප්‍ර‍දේශයේ පිහිටි එම නිවසේ වෙසෙන්නේ පෙදරේරු කාර්මිකයෙක්, ඔහුගේ බිරිඳ සහ දරුවන් දෙදෙනායි.

ඔවුන් පවසන පරිදි නිවසට විදුලිය ලබා ගත් දා පටන් සාමාන්‍යයෙන් ඔවුන්ගේ මාසික විදුලි බිල්පත් ගාස්තුව වන්නේ රුපියල් 500ක් හෝ ඊට ආසන්න මුදලකි.‍

ඒ අනූව මෙවර අගෝස්තු මාසය සඳහා වූ බිල්පතේ ඒකක 68ක් වෙනුවෙන් අය විය යුතු මුදල ලෙස සටහන් ව ඇත්තේ රුපියල් 842.40කි.

නමුත් ගෙවිය යුතු සම්පූර්ණ මුදල ලෙස රුපියල් එක්ලක්ෂ හතලිස් හයදහස් පන්සිය හැට එකයි ශත හැත්තෑ අටක් ලෙස සටහන් ව තිබේ.

මේ පිළිබඳව අප කළ විමසීමකදී බද්දේගම ප්‍රාදේශීය විදුලි ඉංජිනේරු සිරිල් කරුණානායක මහතා සඳහන් කළේ, එය වැරදීමක් බැවින් එම වරද නිවැරදි කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව ය.

නමුත්, වගකීමකින් තොරව සිදුවූ මේ සිද්ධිය හේතුවෙන් නිවසේ හිමිකරු හෘදයාබාධයකට ලක්ව තිබෙන අතර අනතුරුව ඔහු රෝහල්ගත කෙරිණ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]