‘බිරියානි බතක්’ නිසා මහේන්ද්‍ර සිං දෝනි හෝටලය මාරු කරයි

‘බිරියානි බතක්’ නිසා මහේන්ද්‍ර සිං දෝනි හෝටලය මාරු කරයි

‘බිරියානි බතක්’ නිසා මහේන්ද්‍ර සිං දෝනි හෝටලය මාරු කරයි

කර්තෘ Sagarika Chathumali

20 Sep, 2014 | 4:04 pm

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ සහ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ නායක මහේන්ද්‍ර සිං දෝනි ‘බිරියානි බතක්’ නිසා අතිශයට කෝපයට පත්වූ පුවතක් ඉන්දියාවේ හයිදරාබාද් නගරයෙන් වාර්තා වේ.

මෙම සිද්ධිය සිදුව ඇත්තේ, හයිදරාබාද්හි තරු 5 හෝටලයක් වන Hotel Grand Kakatiya හෝටලයෙහි චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම රැඳී සිටි අවස්ථාවක ය.

චැම්පියන්ස් ලීග් තරගාවලියේ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම සමග පැවති තරගයෙන් අනතුරුව දෝනි ඇතුළු පිරිස එම හෝට‍ලයේ රැඳී සිට ඇත.

Times of India පුවත්පතට අනුව සිදුව ඇත්තේ, ඉන්දීය ක්‍රීඩක අම්බටි රායුදු සිය නිවසේ පිළියෙළ කළ බිරියානි බත් චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ ක්‍රීඩකයින්ට පිළිගැන්වීම සඳහා කළ ඉල්ලීමක් හෝටල් කළමනාකාරීත්වය ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් මෙම ආරවුල ඇතිවී තිබේ.

ඉන්පසුව, මහේන්ද්‍ර සිං දෝනි ඇතුළු පිරිස වහා එම හෝටලය අතහැර වෙනත් හෝටලයකට ගොස් ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තාවල සඳහන් වේ.

සාමාන්‍යයෙන් මහේන්ද්‍ර සිං දෝනි කෝපයට පත් නොවන සාමකාමී චරිතයක් බව පිළිගැනේ.