පස් කණ්ඩියකට යට වීමෙන් හමුදා සෙබළුන් සිව් දෙනෙකු මරුට

පස් කණ්ඩියකට යට වීමෙන් හමුදා සෙබළුන් සිව් දෙනෙකු මරුට

කර්තෘ Chathuranga Rajapaksha

20 Sep, 2014 | 5:13 pm

අඹේපුස්ස යුද හමුදා කඳවුර තුළදී පස් කන්දකට යට වීමෙන් ‍හමුදා සෙබළුන් සිව් දෙනෙකු මිය ගොස් තිබේ.

හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් රුවන් වනිගසුරිය මහතා සඳහන් කළේ, අද පස්වරුවේ පස් කන්දක, පස් ඉවත් කිරීමට යාමේදී එම අනතුර සිදුව ඇති බව ය.

මියගිය හමුදා සෙබළුන්ගේ සිරුරු වරකාපොල මූලික රෝහලේ තැන්පත් කර තිබේ.

හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රුවන් වනිගසූරිය මහතා

[quote]තුවාල ලැබු එක් අයෙක් ප්‍රතිකාර ලබමින් පසුවෙනවා රෝහලේ ඔහුගේ ජිවිතයට තර්ජනයක් නැති බවයි වෛද්‍යවරුන්ගේ අදහස වී ඇත්තේ[/quote]

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]