සෙන්දිල් තොණ්ඩමන් අනතුරට ලක් කළ රියැදුරා පොලීසියට භාර වෙයි

සෙන්දිල් තොණ්ඩමන් අනතුරට ලක් කළ රියැදුරා පොලීසියට භාර වෙයි

සෙන්දිල් තොණ්ඩමන් අනතුරට ලක් කළ රියැදුරා පොලීසියට භාර වෙයි

කර්තෘ Kumudu Jayawardana

18 Sep, 2014 | 11:30 am

එක් ‍අයෙකුට මරු කැඳවමින් එක්සත් ජනතා නිදහස් සන්ධාන ඌව පළාත් සභා අපේක්ෂක සෙන්දිල් තොණ්ඩමන් මහතා ඇතුළු 31 දෙනෙකුට තුවාල සිදුකළ බණ්ඩාරවෙල අනතුරට සම්බන්ධ රියැදුරා පොලීසියට භාර වී තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පැවසුවේ, සැකකාර රියැදුරා පළාගොස් සිටි බව ය.

එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ඌව පළාත් සභා අපේක්ෂක සෙන්දිල් තොණ්ඩමන් මහතා ඇතුළු පිරිස අනතුරට ලක්වූයේ, මැතිවරණ ප්‍රචාරණ කටයුතුවල නිරතව සිටියදී ය.

මේ අනතුර සිදුව ඇත්තේ, තොණ්ඩමන් මහතාගේ ම ආධරකරුවන් පිරිසක් ගමන්ගත් මෝටර් රථයක ගැටීමෙනි.