භූමිතෙල් භාවිත කරන ධීවරයින්ට දුන් සහනයම අපට ත් දෙන්න – ඩීසල් භාවිත කරන ධීවරයින් (Video)

භූමිතෙල් භාවිත කරන ධීවරයින්ට දුන් සහනයම අපට ත් දෙන්න – ඩීසල් භාවිත කරන ධීවරයින් (Video)

කර්තෘ Chathuranga Rajapaksha

18 Sep, 2014 | 10:10 pm

භූමිතෙල් භාවිත කරන ධීවරයින්ට ලබාදුන් සහනය තමන්ට ද දෙන්නැයි ඩීසල් භාවිතයෙන් කර්මාන්තයේ නිරත  ධීවරයින් රජයෙන් ඉල්ලා සිටිති.

මේ අතර ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පෙන්වා දෙන්නේ ධීවරයින් දිගින් දිගටම ඉල්ලා සිටි සහනය භූමිතෙල් හා ඩීසල් මිල පහත හෙළමින් ලබා දී ඇති  බව ය.

2012 පෙබරවාරී මාස‍යේදී රජය ඩීසල් ලීටරයක මිල රුපියල් 31 කින් හා භූමිතෙල් ලීටරයක මිල රුපියල් 35 කින් එකවර ඉහළ දැමීම ත් ධීවරයින් දැඩි අර්බුදයකට මුහුණ දුන්නේය.

ජිවිත ද අහිමි කරගනිමින් ධීවරයින් ඊට විරෝධය දැක්වීමත් සමඟ සහන මිලකට එම ඉන්ධන වර්ග දෙක ලබාදීමට රජය තීරණය කළේය.

ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න ‍මහතා

[quote]ඉන්ධන සහනාධාරය අපි ගිය අවුරුද්දේ නැවැත්තුවා  එකේ ති‍බුණු නොයෙකුත් වැරදි නිසා නැවැත්තුවාම ඒ ගොල්ලන්ගේ සටන් පාඨය වුණේ ඉන්ධන සහාධාරය වහාම දියව් එතකොට අද ඉන්ධන මිල හොදටම අඩු කළා. භූමිතෙල් සහ ඩීසල් දෙකම  ඒ දෙක තමා අපිට බලපාන්නේ ධීවර කර්මාන්තයට. දැන් අද ඉන්ධන සහානාධාරය තියා මොකක්වත් අවශ්‍ය නෑ දැන්[/quote]

එම ඉන්ධන මිල සංශෝධනය පිළිබඳව භූමිතෙල් භාවිතයෙන් කර්මාන්තයේ නිරත වන ධීවරයින් සිය ප්‍රසාදය පළ කරති.

ධීවරයින්

[quote]බෙහොම හොදයි මේ පිළිවෙළට කරපු එක පාරට 20 ක් බස්සපු එක  තව 5 ක් අඩු කෙරුවානම් නම් තමයි හුඟක් වටින්නේ  මොකද 35 ක් වැඩි කෙරුවනේ එක පාරටම.[/quote]

[quote]මේක ජන්ද ගුණ්ඩුවක් වෙන්න එපා මේක මේ විදිහටම දිගටම තියන්න ධීවරයෝ අසරණයි. මේ මිල මේ විදිහටම ගෙන ගියොත් අපිට ධීවර රැකියාව කරගෙන යන්න පුළුවන්[/quote]

නමුත් ඩීසල් භාවිත කරන ධීවරයින්ටනම් ඉන් සැළකිය යුතු වාසියක් අත්ව නැති බව අප කළ විමසුමකදී පැහැදිලි විය.

ධීවරයින්

[quote]රුපියල් 30 ගානකින් නංගලා රුපියල් 3 කින් අඩු කරලා හරි‍යන්නේ නෑනේ මහතයෝ භූමිතෙල් 20 කින් බැස්‍සුවොත් ඩීසලුත් රුපියල් 20 කින් බැස්සුවානම් හැමෝටම සාධාරණයක් වෙනවා කියලා තමයි අපි හිතන්නේ.[/quote]

[quote]අපිට රුපියල් 3 කින් අඩු කරලානම් ගොඩක් අමාරුයි. අපිට අඩු තර‍මින් රුපියල් 10 ක් වත්  අඩු කරලා දෙන්න කියලා තමයි අපි කියන්නේ.[/quote]

[quote]අපි ඉල්ලා සිටිනවා ඉදිරියේදී ඩීසල් මිල ත් බහුදින යාත්‍රා හිමියන්ට සහනයක් ලෙස  තව අඩු කරලා දෙන්න කියලා.[/quote]