දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ වංචාකරුවන්ට දඬුවම් නියම කිරීම කල් යයි

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ වංචාකරුවන්ට දඬුවම් නියම කිරීම කල් යයි

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ වංචාකරුවන්ට දඬුවම් නියම කිරීම කල් යයි

කර්තෘ Sagarika Chathumali

16 Sep, 2014 | 5:46 pm

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ රුපියල් කෝටි 400ක් වංචා කිරීමේ නඩුවේ අධිකරණය මඟ හැර සි‍ටින විත්තිකරුවන්ට දඬුවම් නියම කිරීම අද කොළඹ මහාධිකරණයේදී ලබන මස 26 වන දිනට කල් දැමිණ.

ඒ මහාධිකරණ විනිසුරු කුමුදුනී වික්‍රමසිංහ මහත්මිය හමුවේ නඩුව කැඳ වූ අවස්ථාවේදී ය.

මොවුන් අධිකරණය මඟ හැර සිටි බැවින් ඔවුනට එරෙහිව අපරාධ නීති සංග්‍රහයේ 241 වන වගන්තිය යටතේ නඩුව විභාග ක‍ළේ ය.

නඩුවේ විත්තිකරුවන් 14 දෙනාගෙන් 6 දෙනෙකු මීට කලින් වරද පිළිගත් අතර ඔවුන්ගේ දේපොළ රාජසන්තක කොට සිර දඬුවම් නියම කෙරිණ.