20යි 20 ශ්‍රේණිගත කිරීම්වල වෙනසක්: ශ්‍රී ලංකාව පෙරමුණට

20යි 20 ශ්‍රේණිගත කිරීම්වල වෙනසක්: ශ්‍රී ලංකාව පෙරමුණට

20යි 20 ශ්‍රේණිගත කිරීම්වල වෙනසක්: ශ්‍රී ලංකාව පෙරමුණට

කර්තෘ Sagarika Chathumali

08 Sep, 2014 | 1:34 pm

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පන්දුවාර 20යි 20 කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්වල පෙරමුණට පැමිණ තිබේ.

ඒ ඉන්දියාවට එරෙහිව පැවැති පන්දුවාර 20යි 20 තරගයෙන් එංගලන්තය ජය ගැනීම ත් සමගිනි.

ඉන්දු – එංගලන්ත තරගය බර්මිංහැම් හීදී පැවත් විය.

එහි කාසියේ වාසිය දිනාගත් එංගලන්තය පන්දුවාර 20 තුළ කඩුලු 7ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 180කි.

නායක එයින් මෝගන් පන්දු 31ක් තුළ  ලකුණු 71ක් රැස් කළේ ය.

ඇලෙක්ස් හේල් පන්දු 25කදී ලකුණු 40ක් රැස් කිරීමට සමත් විය.

මොහොමඩ් ශාමි ලකුණු 38කදී කඩුලු 3ක් ලබා ගත්තේ ය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දීය කණ්ඩායමට කඩුලු 5ක් දැවී රැස් කළ හැකි වූයේ, ලකුණු 177ක් පමණි.

විරාත් කෝලි ලකුණු 66ක් රැස් කළේ ය.

අවසන් පන්දු වාරයේදී ජයග්‍රහණය සඳහා ලකුණු 17ක් අවශ්‍ය වූ අතර ඔවුන්ට රැස් කළ හැකි වුයේ, ලකුණු 13ක් පමණි.

ඒ අනුව ඉන්දියාව පන්දුවාර 20යි 20 කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්වල දෙවැනි ස්ථානය තෙක් පසු බැස ඇති අතර දෙවැනි ස්ථානයේ සිටි ශ්‍රී ලංකා කණ්ඩායම පෙරමුණට පැමිණියේ ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]