හන්තානේ නිවාස සංකීර්ණ දෙකකට සොරුන්ගෙන් තර්ජන (Special Report)

හන්තානේ නිවාස සංකීර්ණ දෙකකට සොරුන්ගෙන් තර්ජන (Special Report)

කර්තෘ Chathuranga Rajapaksha

08 Sep, 2014 | 10:32 pm

මහනුවර, හන්තාන ප්‍රදේශයේ නිවාස සංකීර්ණ දෙකකට සොරුන්ගෙන්, තර්ජන එල්ල වී ඇතැයි නිවැසියන් පවසයි.

ඔවුන් චෝදනා කරන්නේ, මේ සම්බන්ධයෙන් සිදු කරන පොලිස් පරීක්ෂණ සම්බන්ධයෙන් සෑහීමකට පත් නොවන බව ය.

හන්තාන රිච්මන්ඩ් හිල් හා පැරඩයිස් පාර්ක් නැමැති නිවාස සංකීර්ණ දෙක, සොරුන්ගේ තර්ජනවලට ලක්ව ඇත්තේ මීට මාස 8 කට පමණ පෙරයි.

එම කාලය තුළ අවස්ථා ගණනාවකදී නිවෙස් බිඳ භාණ්ඩ සොරා ගැනීම් රැසක් සිදුවූ බව නිවැසියන් පවසයි.

නිවාස 15 කට ආසන්න සංඛ්‍යාවක් සොරුන් මේ වනවිට බිඳ ඇති අතර බොහෝ සිදුවීම් වාර්තා වන්නේ රාත්‍රී කාලයේදී ය.

දහවල් කාලයේ ද එක් නිවසක් බිඳ භාණ්ඩ සොරාගෙන ඇතැයි ඔවුන් පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේ, එම ප්‍රදේශයේ වාර්තා වී ඇති එක් සිද්ධියක් හැර සෙසු සොරකම් සම්බන්ධයෙන් පරික්ෂණ අවසන් කර ඇති බව ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]