මානව හිමිකම් පිළිබඳ එජා නව මහ කොමසාරිස්ට ජනපති‍‍ගෙන් ඇරයුමක්

මානව හිමිකම් පිළිබඳ එජා නව මහ කොමසාරිස්ට ජනපති‍‍ගෙන් ඇරයුමක්

කර්තෘ Sagarika Chathumali

08 Sep, 2014 | 8:11 am

මෙම වසර තුළදී ශ්‍රී ලංකාවේ සංචාරයක යෙදෙන ලෙස මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ නව මහ කොමසාරිස්වරයාට ආරාධනා කරන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

ජනාධිපතිතුමා ඒ බව පැවසුවේ, ජපාන අගමැති ෂින්ෂෝ අබේ මහතාගේ එක් දින ශ්‍රී ලංකා සංචාරය  අවසානයේ ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමිනි.

ජනාධිපතිතුමාගේ එම ප්‍රකාශය ජපාන ජපාන අග්‍රාමත්‍යවරයාගේ පැසසුමට ලක්ව තිබේ.

එමෙන් ම සාගර කලාපීය වශයෙන් දෙරට අතර නව සම්බන්ධතාවක් පිහිටුවමින් ද්විපාර්ශවීය සම්බන්ධතා ඉහළ නැංවීමට බලාපොරාත්තු වන බව ද ජපානය එම නිවේදනයෙන් දක්වා තිබේ.

ශ්‍රී ලංකාවේ අලුත් වරාය සහ නව ගුවන්තොටුපොළ වෙනුවෙන් ආයෝජනය කරන ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ජපාන අග්‍රාමාත්‍යවරයගෛන් ඉල්ලීමක් කර තිබේ.

ජපාන අග්‍රාමාත්‍යවරයාගේ සංචාරයේ ප්‍රතිපලයක් ලෙස ශ්‍රී ලංකාවේ ඩිජිටල් රූපවාහිනි තාක්ෂණය දියුණු කිරීමට ඩොලර් මිලියන 130ක ණය මුදලක් ලබා දීමට ජපානය එකඟ වී තිබේ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]