බත්තරමුල්ල – පොල්දූව ප්‍රධාන නළ මාර්ගයේ හදිසි බිඳ වැටීම යථා තත්ත්වයට

බත්තරමුල්ල – පොල්දූව ප්‍රධාන නළ මාර්ගයේ හදිසි බිඳ වැටීම යථා තත්ත්වයට

බත්තරමුල්ල – පොල්දූව ප්‍රධාන නළ මාර්ගයේ හදිසි බිඳ වැටීම යථා තත්ත්වයට

කර්තෘ Sagarika Chathumali

08 Sep, 2014 | 7:08 am

අඹතලේ ජල පවිත්‍රාගාරයේ සිට ප්‍රදේශ රැසකට ජලය බෙදාහැරෙන බත්තරමුල්ල – පොල්දූව ප්‍රධාන නළ මාර්ගයේ ඇති වූ හදිසි බිඳ වැටීම යථා තත්ත්වයට පත් කර තිබේ.

කෙසේ වෙතත් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයා පැවසුවේ, ජලය පොම්ප කිරීම ආරම්භ කිරීමට තව ත් පැයක පමණ කාලයක් ගතවනු ඇති බව ය.

ඒ අනුව පාරිභෝගකයින්ට ජලය සැපයීමට පැය 3ක පමණ කාලයක් ගත වනු ඇතැයි, ඔහු සඳහන් කළේ ය.

අදාළ නළයේ හදිසි බිඳ වැටීම හේතුවෙන් කෝට්ටේ මහ නගර සභාව, මහරගම නගර සභාව, කැස්බෑව නගර සභාව, බොරලැස්ගමුව නගර සභාව, බත්තරමුල, මාලඹේ, තලංගම-කොස්වත්ත, කලපලුවාව, හල්බරාව, තලවතුගොඩ, කලල්ගොඩ, හෝකන්දර, ජයවඩනගම, කිරුලපන, තිඹිරිගස්යාය, නාරාහේන්පිට ජල සැපයුම බිඳ වැටිණ.

ඊට අමතරව කොළඹ- 6, කොළඹ – 7 කිංසි පාර, කොටා පාර, කාසල් වීදිය, ප්‍රදේශවලට ජලය සැපයෙන්නේ, අඩු පීඩනයක් යටතේ ය.

මීට පෙර ද එම ස්ථානයේ ම නඩත්තු කඩයුත්තක් හේතුවෙන් පැය 62ක කාලයක් ප්‍රදේශ රැසකට ජල සැපයුම ඇණහිට තිබිණ

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]