උතුවන්කන්ද,දෙහිමඩුව,වේරගල රජමහා විහාරස්ථානයේදී සර්වඥ කේශ ධාතූන් ප්‍රදර්ශනය ඇරඹේ

උතුවන්කන්ද,දෙහිමඩුව,වේරගල රජමහා විහාරස්ථානයේදී සර්වඥ කේශ ධාතූන් ප්‍රදර්ශනය ඇරඹේ

කර්තෘ Sagarika Chathumali

08 Sep, 2014 | 1:51 pm

හුණුපිටිය ශ්‍රී ගංගාරාම විහාරස්ථානයේ සිට වැඩම කෙරුණු සර්වඥ කේශ ධාතූන් වහන්සේ සැදැහැවතුන්ට වන්දනාමාන කිරීම සඳහා මාවනැල්ල, උතුවන්කන්ද, දෙහිමඩුව, වේරගල පුරාණ රජමහා විහාරස්ථානයේ තැන්පත් කර තිබේ.


රංජිත් සියඹලාපිටිය මිත්‍රත්ව පදනම දායකත්වය සපයන ධාතූන් වහන්සේ ප්‍රදර්ශනය සඳහා  නිවුස්ෆස්ට් මාධ්‍ය අනුග්‍රහය දක්වයි.

හුණුපිටිය ශ්‍රී ගංගාරාම විහාරස්ථානයේ තැන්පත් කර තිබූ ශ්‍රී සර්වඥ කේශ ධාතූන්වහන්සේ  මාවනැල්ල උතුවන්කන්ද, දෙහිමඩුව, වේරගල පුරාණ රජමහා විහාරස්ථානයට වැඩම කෙරුණේ, අද පෙරවරුවේ පැවති විශේෂ ආගමික වතාවත්වලින් අනතුරුව ය.

විදුලි සංදේශ හා තොරතුරු තාක්ෂණ අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතාගේ මූලිකත්වයෙන් වැඩම‍ කරවනු ලැබූ කේශ ධාතුන් වහන්සේ රැගත් හෙලිකොප්ටර් යානය මාවනැල්ල මහ‍ජන ක්‍රීඩාංගනයට ගොඩ බැස්ස වීය.

එහි සිට  කේශ ධාතූන්වහන්සේ මාවනැල්ල, උතුවන්කන්ද, දෙහිමඩුව, වේරගල පුරාණ රජමහා විහාරස්ථානයට වැඩම කෙරුණේ, අලංකාර රථ පෙරහැරකිනි.

කේශ ධාතූන්වහන්සේ වෙනුවෙන් වේරගල පුරාණ රජමහා විහාරස්ථානයේදී වතාවත් සිදු කෙරිණ.

අද සහ හෙට කේශ ධාතූන් වහන්සේ වන්දනාමාන කිරීම සඳහා වේරගල පුරාණ රජමහා විහාරස්ථානයට පැමිණෙන සැදැහැවතුන් වෙනුවෙන් දන්සල් ද සංවිධානය කර තිබේ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]