උතුරු, නැගෙනහිර ගැටලු පිළිබඳව කොන්දේසි සහිතව රජය සමඟ සාකච්ඡා කිරීමට සූදානම් – දෙමළ ජාතික සන්ධානය

උතුරු, නැගෙනහිර ගැටලු පිළිබඳව කොන්දේසි සහිතව රජය සමඟ සාකච්ඡා කිරීමට සූදානම් – දෙමළ ජාතික සන්ධානය

උතුරු, නැගෙනහිර ගැටලු පිළිබඳව කොන්දේසි සහිතව රජය සමඟ සාකච්ඡා කිරීමට සූදානම් – දෙමළ ජාතික සන්ධානය

කර්තෘ Chathuranga Rajapaksha

08 Sep, 2014 | 10:13 pm

උතුරු – නැගෙනහිර ජනතා ගැටලුවලට විසඳුම් සෙවීම සඳහා ඕනෑම අවස්ථාවක කොන්දේසි සහිතව රජය සමඟ සාකච්ඡා කිරීම සූදානම් බව දෙමළ ජාතික සන්ධානය පවසයි.

එම සන්ධානයේ පාර්ලිමේන්තු කණ්ඩායම් නායක ආර්.සම්බන්ධන් මහතා නිව්ස්ෆස්ට් වෙත අදහස් දක්වමින් එම අදහස් පල කළේය.

[quote]දෙමළ ජාතික සන්ධානය හා රජය අතර ද්විපාර්ශවික සාකච්ඡා අවුරුද්දකට වැඩි කාලයක් පැවැත්වුණා. එම සාකච්ඡා අවසන් කළේ රජය මිසක් අපි නෙවෙයි. අපි රජය එක්ක සාකච්ඡා කිරීමට හැම විටම සූදානම්.ඒත් එම සාකච්ඡා විශ්වාසවන්ත සාකච්ඡාවක් විදියට තිබිය යුතුයි. මේ සාකච්ඡා තමන් දෙමළ ජාතික සන්ධානය සමග සාකච්ඡා කරනවා කියලා පෙන්නන්න තියන සාකච්ඡා වෙන්න බැහැ. මෙම සාකච්ඡා සීමාවක් නැතිව සිදුවෙන්නත් බැහැ.අපි මේ ප්‍රශ්නය ගැන පසුගිය අවුරුදු 60ක් තිස්සේ සාකච්ඡා කරලා තිබෙනවා. ඒ සාකච්ඡා පිළිබඳ ලිඛිත සාක්ෂි අප ලග තිබෙනවා. එම නිසා මෙම සාකච්ඡා සීමිත කාලයක් ඇතුළත ඉවර වෙන්න ඕන. ඒ කියන්නේ සති 06ක් ඇතුළත මේ සාකච්ඡා ඉවර විය යුතුයි. මේ සාකච්ඡාවේදී මොනවද වෙන්නේ කියලා දැන ගැනීම සඳහා ජාත්‍යන්තර මැදිහත් වීමක් තිබිය යුතුයි කියලා අපි හිතනවා.එතකොට මේ සාකච්ඡා සිදුවූ ආකාරය පිළිබඳ සාක්ෂි තිබෙනවා. අපි සැම විටම සාකච්ඡාවට සූදානම්.[/quote]

 

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]