සෙරීනා විලියම්ස් මෙවර ත් අමෙරිකා විවෘත ටෙනිස් ශූරතාව දිනා ගනී

සෙරීනා විලියම්ස් මෙවර ත් අමෙරිකා විවෘත ටෙනිස් ශූරතාව දිනා ගනී

සෙරීනා විලියම්ස් මෙවර ත් අමෙරිකා විවෘත ටෙනිස් ශූරතාව දිනා ගනී

කර්තෘ Sagarika Chathumali

08 Sep, 2014 | 12:26 pm

අමෙරිකා විවෘත ටෙනිස් තරගාවලියේ කාන්තා අංශයෙන් ශූරතාව හිමි කර ගැනීමට පසුගිය වර ශූරිය වන ඇමරිකාවේ සෙරීනා විලියම්ස් මෙවර ත් සමත් වූවා ය.

වොස්නියාකී  ඇය හමුවේ පරාජයට පත් වුණේ, ඩෙන්මාර්ක ක්‍රීඩක කැරොලින් ය.

ලොව ප්‍රධාන ග්‍රෑන්ඩ් ස්ලෑම් ටෙනිස් තරගාවලි 4  අතරින් අමෙරිකා විවෘත ටෙනිස් තරගාවලිය පැවැත්වුනේ අවසන් තරගාවලිය ලෙස ය.

ලොව අංක එකේ ටෙනිස් ක්‍රීඩිකා ඇමරිකාවේ සෙරීනා විලියම්ස් හා එම ලේඛනයේ 11 වැනි ස්ථානයේ පසුවන
ඩෙන්මාක් ක්‍රීඩිකා කැරොලින් වොස්නියාකී අතර කාන්තා කේවල අවසන් මහා තරගය පැවැත් විය.

තරගයේ ආරම්භයේ සිට ම දක්ෂ ක්‍රීඩා රටාවක නිරත වු සෙරීනා විලියම්ස් පළමු වටය ලකුණු 6 ට 3 ක් ලෙස පහසුවෙන් ජය ගත්තා ය.

ලකුණු 6 ට 3 ක් ලෙස ඇය දෙවැනි වටය ජය ගත්තා ය.

ඒ අනුව සෙරීනා තරගයේ ජය තහවුරු කර ගත්තේ තරග වට 2 ට 0 ක් ලෙස ය.

මෙවර ඇමරිකා විවෘත ටෙනිස් තරගාවලියේ කාන්තා කේවල අංශයේ ශූරතාව හිමි කර ගත් සත්කාරක දේශ‍යේ සෙරීනා විලියම්ස් ජය ගෙන ඇති 18 වැනි ග්‍රෑන්ඩ් ස්ලෑම් ටෙනිස් ශූරතාව මෙය ‍වේ.

ඇය අමරිකානු විවෘත ටෙනිස් තරගාවලිය අවස්ථා 6 කදී ජය ගෙන ඇති අතර අඛණ්ඩව එම කිරුළ දිනු 3 වැනි අවස්ථාවද මෙය යි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]