කොළඹ සහ කළුතර දිස්ත්‍රික්කවල ප්‍රදේශ රැසක ජලය කැපේ

කොළඹ සහ කළුතර දිස්ත්‍රික්කවල ප්‍රදේශ රැසක ජලය කැපේ

කොළඹ සහ කළුතර දිස්ත්‍රික්කවල ප්‍රදේශ රැසක ජලය කැපේ

කර්තෘ Kumudu Jayawardana

05 Sep, 2014 | 9:07 am

මොරටුව, රත්මලාන, පානදුර ඇතුළු ප්‍රදේශ ගණනාවකට පැය 8ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

එම මණ්ඩලය නිවේදනය කළේ, එම ප්‍රදේශවලට අද රාත්‍රී 9.00 සිට සෙනසුරාදා අලුයම 5.00 දක්වා කාලය තුළ එය ක්‍රියාත්මක කෙරෙන බව ය.

කළුගග ජල සම්පාදන ව්‍යාපෘතිය යටතේ සිදුකරන අත්‍යවශ්‍ය අලුත්වැඩියාවක් හේතුවෙන් එසේ ජල සැපයුම අත්හිටුවනු ඇත.

එලෙස ජල සැපයුම අත්හිටුවන ප්‍රදේශ පහත දැක්වේ.

මොරටුව මහ නගර සභා බල ප්‍රදේශය, රත්මලාන, පානදුර, නල්ලූරුව, කිරිබේරිය, කොස්වත්ත, රයිගම, බණ්ඩාරගම හා හොරණ

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]