කොල්ලුපිටියේදී ගිනි තබාගත් පුද්ගලයා හේතුව හෙළි කර මිය යයි

කොල්ලුපිටියේදී ගිනි තබාගත් පුද්ගලයා හේතුව හෙළි කර මිය යයි

කර්තෘ Staff writer

03 Sep, 2014 | 8:27 am

කොල්ලුපිටිය පොලිස් ස්ථානය ඉදිරිපිටදී ඊයේ ගිනි තබාගත් පුද්ගලයා මිය ගොස් තිබේ.

මෙලෙස තම සිරුරට ගිනි තබාගෙන තිබුණේ, පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචි 72 හැවිරිදි පුද්ගලයෙකි.

සිරුරට ගිනි තබාගත් පුද්ගලයා බේරා ගැනීමට පොලීසිය සහ අවට ජනතාව දැඩි උත්සාහයක් ගත්තේ ය.

අනතුරුව කොල්ලුපිටිය පොලිසියේ ජංගම රථයකින් ඔහු රෝහල්ගත කිරීමට පොලීසිය පියවර ගෙන තිබුණි.

ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක මහතා පැවසුවේ, අදාළ පුද්ගලයාගේ සිරුරෙන් 80% පමණ පිළිස්සී ඇති බව ය.

පොලීසිය පැවසුවේ, මේ පුද්ගලයා අවුරුදු 21ක් හමුදා සේවයේ නිරතව සිට විශ්‍රාම ලැබූ  ‍අයෙකු බව ය.

ගිනි තබා ගැනීමට හේතුව;

ඔහු මිය යාමට පෙර පොලීසිය ඔහුගෙන් ප්‍රකාශයක් සටහන් කරගෙන තිබේ.

එම ප්‍රකාශය උපුටා දක්වමින් පොලීසිය සඳහන් කළේ, ඔහු එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් නවී පිල්ලේ මහත්මියට විරෝධය පළ කිරීම සඳහා ගිනි තබාගෙන ඇති බව ය.

[button class=”btn_bigred” url=”http://newsfirst.lk/sinhala/2014/09/%E0%B6%9A%E0%B7%9C%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%94%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%BA-%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%93%E0%B7%83%E0%B7%92%E0%B6%BA-%E0%B6%89%E0%B6%AF%E0%B7%92-2/” text=”වීඩියෝව නරඹන්න”]

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]