මැලේසියා ගුවන් සමාගමේ සේවකයින් 6000ක් ඉවතට

මැලේසියා ගුවන් සමාගමේ සේවකයින් 6000ක් ඉවතට

මැලේසියා ගුවන් සමාගමේ සේවකයින් 6000ක් ඉවතට

කර්තෘ Staff writer

29 Aug, 2014 | 2:55 pm

මැලේසියා ගුවන් සමාගමේ සේවකයින් 6000ක් ඉවත් කිරීමට තීරණය කර තිබේ.

MH370 ගුවන් යානය අතුරුදන් වීම ත්, MH17 යන ගුවන් යානය ත්‍රස්ත ප්‍රහාරයකින් විනාශ වීම ත් හේතුවෙන් මැලේසියා ගුවන් සමාගම දැඩි ආර්ථික අර්බුදයකට ලක් විය.

පසුව එම සමාගමේ සම්පූර්ණ අයිතිය මැලේසියානු රජය වෙත පවරා ගැනිණි.

එම පවරා ගැනීමෙන් පසුව සමාගමේ වෙනස්කම් රැසක් සිදු කිරීමට තීරණය විය.

සේවකයින් 20000කින් පමණ සමන්විත එම සමාගමේ සේවක මණ්ඩලය 30%කින් අඩු කිරීම එහි පළමු පියවර යි.

මැලේසියා ගුවන් සමාගමේ නම ද වෙනස් කිරීම සඳහා යෝජනා වී තිබේ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]