රජයේ මුද්‍රණාලය තුළ ඇති වූ උණුසුම් තත්ත්වයට අදාළ දර්ශන

රජයේ මුද්‍රණාලය තුළ ඇති වූ උණුසුම් තත්ත්වයට අදාළ දර්ශන

කර්තෘ Sagarika Chathumali

27 Aug, 2014 | 10:20 pm

රජයේ මුද්‍රණාලය තුළ වෘත්තීය සමිති දෙකක් අතර අද උණුසුම් තත්ත්වයක් හට ගැනිණ.

තත්ත්වය පාලනය කිරීම සඳහා තම නිලධාරීන් ද එහි යැවූ බව පොලීසිය පැවසී ය.

ගැටලු කිහිපයක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා අද පෙරවරු 11ට පමණ රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේදී වෘත්තීය සමිති කිහිපයක් හමු විය.

රැස්වීම ආරම්භ වී ටික වේලාවකට පසු ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ හා මුද්‍රණ ශිල්පීන්ගේ සංගමයේ සාමාජිකයින් පිරිසක් පැමිණ ඊට බාධා කළ බව රාජ්‍ය සේවා ජාතික වෘත්තීය සමිති සම්මේලනය සඳහන් කළේ ය.

අනතුරුව පොලීසියේ උසස් නිලධාරීන් පිරිසක් හා වෘත්තීය සමිති නායකයින් අතර විශේෂ සාකච්ඡාවක් පැවති බව අප වාර්තාකරු  පැවසී ය.