ඌව මැතිවරණයට පොලීසියේ වියදම

ඌව මැතිවරණයට පොලීසියේ වියදම

ඌව මැතිවරණයට පොලීසියේ වියදම

කර්තෘ Sagarika Chathumali

27 Aug, 2014 | 9:07 pm

ඌව පළාත් සභා ඡන්ද විමසීම සඳහා රුපියල් මිලියන 40 ක් අවශ්‍ය බව පොලීසිය මැතිවරණ කොමසාරිස්වරයාට දැනුම් දී තිබේ.
මැතිවරණ කොමසාරිස්වරයා දන්වා ඇත්තේ අදාළ මුදල් භාණ්ඩාගාරයෙන් විමසා අවශ්‍ය පරිදි ලබා ගැනීමට කටයුතු කරන ලෙස ය.

මැතිවරණ කටයුතු භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා මැතිවරණ කොමසාරිස්වරයාට යැවූ ඇස්තමේන්තුව අනුව වැඩි ම මුදලක් වැය වන්නේ  නීති විරෝධී ප්‍රදර්ශන ඉවත් කිරීම සඳහා ය.

කුලී පදනම මත වාහන ලබා ගැනීම සඳහා රුපියල් එක්කෝටි දහසය ලක්ෂයකට අධික මුදලක් ඇස්තමේන්තු කර තිබේ.

නාම යෝජනා භාර ගත් දිනයේ සිට ඡන්දයෙන් පසු දිනය දක්වා කාල සීමාවේ වියදම්වලට පොලීසිය මෙම ඇස්තමේන්තු සකස් කර තිබේ.