අමාරුවෙන් අල්ලා ගත් අඩි 4ක මෝරෙකු ගිල දැමූ මාළුවා (WATCH REPORT)

අමාරුවෙන් අල්ලා ගත් අඩි 4ක මෝරෙකු ගිල දැමූ මාළුවා (WATCH REPORT)

කර්තෘ Kumudu Jayawardana

27 Aug, 2014 | 11:56 am

අමෙරිකාවේ මසුන් මරන්නන් පිරිසකගේ බිලී පිත්තකට හසුවී සිටි අඩි 4ක් පමණ වූ මත්ස්‍යයෙකු වෙනත් මත්ස්‍යයෙකු විසින් එක්වර ම ගිල දමනු ලැබූ මෙම පුවත වාර්තා වූයේ, අමෙරිකාවේ ෆ්ලොරීඩා ප්‍රාන්තයෙනි.

ෆ්ලොරීඩාහි Bonita Springs වෙරළ ආසන්නයේ මෙම පිරිස මසුන් මැරීමෙහි නිරතව සිට ඇත.

එහිදී ඔවුන්ගේ බිලී පිත්තට හසුවූ පළමු මත්ස්‍යයා වීඩියෝ කිරීමට ඔවුන්ට අවශ්‍ය වී ඇති අතර එම මත්ස්‍යයා බිලී කොක්කෙන් මිදී පළා යාමට තැත් කරන අයුරු රූගත කර තිබේ.

ඒ අවස්ථාවේ මුහුදු ජලයෙන් මතුවූ විශාල මත්ස්‍යයෙකු බිලී කොක්කේ දැවටී සිටි මත්ස්‍යයා එක්වර ගිල දැමීමෙන් මසුන් මරන්නන්ගේ උත්සහය ව්‍යර්ථ කර දැමීය.

SOURCE: NDTV