අර්තාපල් කිලෝවකට රු.80.00ක සහතික මිලක්

අර්තාපල් කිලෝවකට රු.80.00ක සහතික මිලක්

අර්තාපල් කිලෝවකට රු.80.00ක සහතික මිලක්

කර්තෘ Kumudu Jayawardana

22 Aug, 2014 | 12:19 pm

ලංකා සතොස මගින් රුපියල් 80ක සහතික මිලකට අද සිට ගොවීන්ගෙන් අර්තාපල් මිලදී ගන්නා බව සමූපකාර හා අභ්‍යන්තර වෙළෙඳ අමාත්‍යංශය පවසයි.

අමාත්‍යංශය සඳහන් කළේ, වැලිමඩ හා බදුල්ල ඇතුළු ගොවිජන සේවා මධ්‍යස්ථාන කීපයකින් එම කටයුතු ආරම්භ කරන බව ය.

මේ අතර, ගොවීන්ගෙන් අර්තාපල් මිලදී ගැනීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් අද බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්වේ.

දිස්ත්‍රික් ලේකම් රෝහණ කීර්ති දිසානායක මහතා සඳහන් කළේ, එහිදී ගිවිසුම්ගත සහ ගිවිසුම් නොමැති අර්තාපල් ගොවීන්ගෙන් අස්වනු මිලදී ගැනීමට අනුගමනය කරන ක්‍රියමාර්ග පිළිබඳව සාකච්ඡා කරන බව ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]