ශ්‍රී ලංකාවේ දෙවන උස ම දිය ඇල්ල විනාශ කර විදුලි බලාගාරයක් ඉදිකෙරෙන හැටි..(VIDEO)

ශ්‍රී ලංකාවේ දෙවන උස ම දිය ඇල්ල විනාශ කර විදුලි බලාගාරයක් ඉදිකෙරෙන හැටි..(VIDEO)

කර්තෘ Staff writer

21 Aug, 2014 | 9:49 am

මෙරට උසින් දෙවන ස්ථානය ගන්නා කුරුඳු ඔය ඇල්ල යොදාගෙන කුඩා ජල විදුලි බලාගාරයක් ඉදිකිරීමට අවසර දී ඇතැයි නිවුස්ෆස්ට් උකුසු ඇසට හසු විය.

මෙම බලාගාරයේ ඉදිකිරීම් හේතුවෙන් දිය ඇල්ලට මෙන් ම ප්‍රදේශයේ පරිසර පද්ධතියට ද දැඩි හානි සිදුවෙමින් පවතී.

මෙම ඉදිකිරීමට ලංකා විදුලි බල මණ්ඩලය ඇතුළු ආයතන කිහිපයක අනුමැතිය හිමිව ඇතත්, නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් ඩී.පී.ජී. කුමාරසිරි මහතා දැනුවත් කර නොමැති බව ඔහු පැවසීය.

ඔහු සඳහන් කළේ, පවතින ක්‍රමය අනුව අදාළ ආයතනවල අනුමැතිය හිමිවූ පසු ඊට එරෙහි වීමට තමන්ට බලයක් නොමැති බව ය.

කෙසේ වෙතත්, කොළඹ කාමරවල සිට ව්‍යාපෘතිවලට අනුමැතිය දීමෙන් පාරිසරික, සංස්කෘතික සහ පුරාවිද්‍යාත්මක හානි සිදුවන බවට  නුවරඑළිය දිස්ත්‍රික් ලේකම්වරයා චෝදනා කළේ ය.

kurundu oya ella3

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]