නියෝජ්‍ය අමාත්‍ය පරපුර යළි ත් පැටවු ගසයි (Video)

නියෝජ්‍ය අමාත්‍ය පරපුර යළි ත් පැටවු ගසයි (Video)

කර්තෘ Kumudu Jayawardana

21 Aug, 2014 | 1:32 pm

පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රභා ගනේෂන් සහ පී. දිගම්බරම් යන මහත්වරුන් නියෝජ්‍ය අමාත්‍යවරුන් ලෙස දිවුරුම් දී තිබේ.

ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කළේ, අද පෙරවරුවේ අරලිය ගහ මන්දිරයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉදිරියේ ඔවුන් දිවුරුම් දුන් බව ය.

ඒ අනුව, ප්‍රභා ගනේෂන් මහතා විදුලි සන්දේශ හා තොරතුරු තාක්ෂණ නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නේ ය.

පී. දිගම්බරම් මහතා දිවුරුම් දුන්නේ, ජාතික භාෂා හා සමාජ ඒකාබද්ධතා නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]