මහේලගේ සමුගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමෙන් ගෞරවාන්විත මතකයක්

මහේලගේ සමුගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමෙන් ගෞරවාන්විත මතකයක්

මහේලගේ සමුගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමෙන් ගෞරවාන්විත මතකයක්

කර්තෘ Kumudu Jayawardana

18 Aug, 2014 | 11:17 am

වසර 17ක දීර්ඝ ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයකට උරුමකම් කී මහේල ජයවර්ධනගේ සමුගැනීම අද ගෞරවාන්විත මතකයක් බවට පත් විය.

ඒ ඔහු සහභාගි වූ අවසන් ටෙස්ට් තරගය ලකුණු 105කින් ජය ගැනීම ත් සමග යි.

ඊට අමතරව මෙම තරගාවලියේ තරග දෙක ම ශ්‍රී ලංකාව ජය ගත්තේ ය.

මෙරටදී පකිස්ථානයට එරෙහිව 2-0ක් ලෙස තරගාවලියක් ජයගත් පළමු අවස්ථාව ද මෙය වේ.

සිය අවසන් ඉනිම වූ මෙම තරගයේ දෙවන ඉනිමේදී මහේල ජයවර්ධන අර්ධ ශතකයක් රැස් කිරීමට සමත් විය.

ඔහු සිය පළමු ටෙස්ට් තරගයේ තමන් පන්දුවට පහර දුන් පළමු ඉනිමේදී ද ඉන්දියාවට එරෙහිව අර්ධ ශතකයක් වාර්තා කරමින් ලකුණු 66ක් රැස් කිරීම විශේෂත්වයකි.

ටෙස්ට් තරග 149කදී මහේල ජයවර්ධන රැස් කර ඇති ලකුණු සංඛ්‍යාව 11814කි.

ඔහුගේ ලකුණු රැස් කිරීමේ සාමාන්‍යය 50 ඉක්මවා තිබේ.

1997 වසරේදී ඉන්දියාවට එරෙහිව සිය මංගල ටෙස්ට් තරගයට සහභාගි වූ මහේල ජයවර්ධන කොළඹ නාලන්දා විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි.

වසර 17කට අධික කාලයක් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට අනුපමේය මෙහෙවරක් කළ මහේල ජයවර්ධනට www.newsfirst.lk අපගේ උපහාරය….

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]