ඉන්දියාවේ ගොස් පැමිණි පුද්ගලයෙකු හදිසියේ මියයාම සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණ

ඉන්දියාවේ ගොස් පැමිණි පුද්ගලයෙකු හදිසියේ මියයාම සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණ

ඉන්දියාවේ ගොස් පැමිණි පුද්ගලයෙකු හදිසියේ මියයාම සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණ

කර්තෘ Sagarika Chathumali

18 Aug, 2014 | 2:44 pm

රිකිල්ලගස්කඩදී තද උණ වැළඳීමෙන් පුද්ගලයෙකු හදිසියේ මිය යාම සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් පැවැත්වෙන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ඉන්දියාවේ ප්‍රදේශ කිහිපයක සංචාරය කිරීමෙන් පසු මෙරටට පැමිණි එම පුද්ගලයා පසුගිය දා හදිසියේ ජීවිතක්ෂයට පත්ව ඇති බව ය.

තද උණ, වමනය, පාචනය හා මස්පිඩු වේදනාව වැනි රෝග ලක්ෂණ සහිතව රිකිල්ලගස්කඩ මූලික රෝහලට ඇතුළත් කර ඇති එම පුද්ගලයා මිය ගොස් තිබේ.

මෙම මරණය මී උණ රෝගය හේතුවෙන් සිදුවන්නට ඇතැයි, විශ්වස කෙරෙන අතර විදෙස් රටවල් ගණනාවක ඉබෝලා ‍වෛරසය ව්‍යාප්තව තිබෙන බැවින් මෙම මරණය පිළිබඳ පුළුල් අවධානයක් යොමු කරන ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ප්‍රදේශීය සෞඛ්‍ය බලධාරීන්ට උපදෙස් දී තිබේ.

මරණයට පත් වු පුද්ගලයාගෙන් ලබාගත් රුධිර සාම්පල බොරැල්ල වෛද්‍ය පර්යේෂණායාතනයට යොමුකර ඇති බව ද සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේ ය.

එහිදි එම රුධිර සාම්පල ඉ‍බෝලා වෛරස් පරීක්ෂණය සඳහා ද භාජනය කෙරෙනු ඇති.

මරණයට පත් වූ එම පුද්ගලයා සමග සංචාරය සඳහා සහභාගි වූ සෙසු පුද්ගලයින් සම්බන්ධයෙන් ද විමසිලිමත්වන ලෙස මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට උපදෙස් දී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා සඳහන් කළේ ය.

ඉබෝලා වෛරසය ශ්‍රී ලංකාවට ඇතුළු වීම වැළැක්විම සඳහා ගුවන්‍තොටුපොළේ සිදු කරන පරීක්ෂණ කටයුතු පැය 24 පුරාම අඛන්ඩව ක්‍රියාත්මක කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]