මඩකලපුවේදී පොලීසියට ප්‍රහාරයක්.. පොලීසියේ 7 ක් රෝහල් ගත කෙරෙති

මඩකලපුවේදී පොලීසියට ප්‍රහාරයක්.. පොලීසියේ 7 ක් රෝහල් ගත කෙරෙති

මඩකලපුවේදී පොලීසියට ප්‍රහාරයක්.. පොලීසියේ 7 ක් රෝහල් ගත කෙරෙති

කර්තෘ Staff writer

13 Aug, 2014 | 8:47 am

මඩකලපුව කොක්අඩිචෝලෙයි ප්‍රදේශයේ නිති විරෝධී මත් පැන් වැටලීමකට ගිය අවස්ථාවේ පොලිසිය හා ප්‍රදේශවාසීන් පිරිසක් අතර නොසන්සුන් තත්ත්වයක් ඊයේ සවස ඇති විය.

එම නොසන්සුන් තත්ත්වය හට ගෙන ඇත්තේ, සැකපිට කාන්තාවක් අත්අඩංගුවට ගැනීම හේතුවෙනි .

මෙහිදි ප්‍රදේශ වාසීන්ගෙන් පොලීසියට ප්‍රහාරයක් එල්ල වී ඇති අතර, එහිදී තුවාල ලැබූ පොලිස්  නිලධාරීන් 7 දෙනෙකු

රෝහලගත කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පැවසීය.

මෙහිදී පොලිසිය එල්ල කළ වෙඩි ප්‍රහරයකින් කාන්තාවන් දෙදෙනෙකු තුවාල ලබා තිබේ.

සිද්ධිය ත් සමග මඩකලපුව, කොක්අඩිචෝලෙයි ප්‍රදේශයේ ආරක්ෂාව තර කර අති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරට ත් පැවසීය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]