විදුලි බලාගාර ආශ්‍රිත ජලාශ අවට ජනතාවට විමසිල්ලෙන් සිටින්නැයි උපදෙස්‍

විදුලි බලාගාර ආශ්‍රිත ජලාශ අවට ජනතාවට විමසිල්ලෙන් සිටින්නැයි උපදෙස්‍

විදුලි බලාගාර ආශ්‍රිත ජලාශ අවට ජනතාවට විමසිල්ලෙන් සිටින්නැයි උපදෙස්‍

කර්තෘ Sagarika Chathumali

06 Aug, 2014 | 9:51 am

විදුලි බලාගාර ආශ්‍රිත ජලාශවල වාන් දෙරටු විටින් විට විවෘත කිරීමට සිදුවන බැවින් ඒ ආශ්‍රිත ජනතාවට වඩා ත් විමසිල්ලෙන් පසු වන ලෙස නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් ඩී.පී.ජී. කුමාරසිරි මහතා දැනුම් දෙයි.

ඔහු සඳහන් කළේ, ප්‍රදේශයට මේ දිනවල ඇද හැලෙන අධික වර්ශාව හේතුවෙන්  එම ජලාශවල ජල මට්ටම 95% ඉක්මවා ඇති බව ය.

මේ අතර පස් කඩා වැටීම හේතුවෙන් නුවරඑළිය, නානුඔය ප්‍රදේශයේ පවුල් 05 ක් ආරක්ෂිත ස්ථානයකට යොමු කළ බව දිස්ත්‍රික් ලේකම්වරයා සඳහන් කළේ ය.

මේ අතර ප්‍රධාන වාරිමාර්ග ජලාශ 72 හි ජලමට්ටම 15% කට ත් වඩා අඩු වී ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

වාරිමාර්ග අධ්‍යක්ෂ ජනරාල්, භද්‍රා කමලදාස මහත්මිය පැවසුවේ, තව දුරට ත් වගා කටයුතු සඳහා ජලය සැපයීම දැඩි අර්බුදයක් වී ඇති බව ය.

මේ අතර වගා ආරක්ෂා කිරීම සඳහා විකල්ප වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කරමින් සිටින බව ද ඇය සඳහන් කළා ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]