සතොස සීදූව ප්‍රධාන බෙදැහැරීම් ගබඩාවට මුද්‍රා

සතොස සීදූව ප්‍රධාන බෙදැහැරීම් ගබඩාවට මුද්‍රා

සතොස සීදූව ප්‍රධාන බෙදැහැරීම් ගබඩාවට මුද්‍රා

කර්තෘ Chathuranga Rajapaksha

02 Aug, 2014 | 6:04 pm

ලංකා සතොස සීදූව ප්‍රධාන බෙදාහැරීම් ගබඩාවට අද මුද්‍රා තැබුණි.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුවන්ගේ සංගමයේ ලේකම් සෙනරත් බණ්ඩාර මහතා සඳහන් කළේ, ආහාර ද්‍රව්‍ය සෞඛ්‍ය ආරක්ෂිත නොවන අයුරින් අසුරා තැබීම ඊට හේතුව බව ය.

මුද්‍රා තබන අවස්ථාවේ එම ගබඩාවේ කැකුළු සහල් කිලෝ ග්‍රෑම් ලක්ෂයක් පමණ, කිරි සම්බා කිලෝ ග්‍රෑම් තිස්දහසක්, බාස්මතී කිලෝ ග්‍රෑම් තිස් පන්දහසක් සහ රතු සීනි කිලෝ ග්‍රෑම් විසි හතරදහසක් ඇතුළු ආහාර ද්‍රව්‍ය රැසක් එහි ගබඩා කර තිබූ බව ඔහු පැවසීය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]