ගල්ගමුව දරුවාගේ සිද්ධියේදී මාධ්‍යයේ හැසිරීම පිළිබඳ පොලීසිය පළ කළ අදහස් (VIDEO)

ගල්ගමුව දරුවාගේ සිද්ධියේදී මාධ්‍යයේ හැසිරීම පිළිබඳ පොලීසිය පළ කළ අදහස් (VIDEO)

කර්තෘ Sagarika Chathumali

02 Aug, 2014 | 2:55 pm

ගල්ගමුව, මීගලෑව සිව් හැවිරිදි දරුවා බේරා ගැනීමේ මෙහෙයුම දියත් කළ අවස්ථාවේ මාධ්‍ය හැසිරුණු අකාරය පිළිබඳව පොලීසිය අද පැවති මාධ්‍ය හමුවේ දී අදහස් පළ කළේ ය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා පැවසුවේ, මෙම සිදු වීමේදී බොහෝ විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය ධනාත්මක ලෙස මාධ්‍යකරණයේ නිරත වූ බව ය.

ඔහු සියලු මාධ්‍ය ආයතනවලට ස්තුති කරමින් වැඩිදුරට ත් පැවසුවේ, ඉදිරියේදී ද මෙවැනි සිදුවීම්වලදී යහපත් මාධ්‍ය හැසිරීමක් බලාපොරොත්තු වන බව ය.

මෙම සිදුවීමේදී විවිධ පාර්ශව පොලීසියට දෝෂාරෝපණය කළ ද මෙහෙයුම අවසන් වන තෙක් මධ්‍යට කරුණු හෙළි කිරීමෙන් වැළකී සිටියේ දරුවා නිරුපද්‍රිතව බේරා ගැනීමේ අරමුණින් බව ද  පොලීසිය සඳහන් කළේ ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]