ගල්ගමුවේ දරුවා කප්පම්කරුවන්ගෙන් බේරා ගැනීමට මෙහෙයුම දියත් කළ හැටි පොලීසිය හෙළි කරයි (VIDEO)

ගල්ගමුවේ දරුවා කප්පම්කරුවන්ගෙන් බේරා ගැනීමට මෙහෙයුම දියත් කළ හැටි පොලීසිය හෙළි කරයි (VIDEO)

කර්තෘ Sagarika Chathumali

02 Aug, 2014 | 3:13 pm

සන්නද්ධ පිරිසක් විසින් පැහැරගනු ලැබ සිටි ගල්ගමුව, මීගලෑව දිනිදු යසේන් ලංකානාත් ඒකනායක (4) දරුවා නිරුපද්‍රිතව බේරා ගැනීමේ මෙහෙයුම දියත් කළ අකාරය පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා අද මාධ්‍යට හෙළි කළේ ය.   

පසුගිය 28 වන දා රාත්‍රීයේ පැහැර ගැනීමට ලක් වූ දිනිදු යසේන් ලංකානාත් ඊයේ රාත්‍රියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් බේරාගනු ලැබිණ.

දරුවා පැහැර ගැනීමට පැමිණි ආයුධ සන්නද්ධ පුද්ගලයින් සිදු කළ පහරදීම් හේතුවෙන් දරුවාගේ මව සහ පියා ද තුවාල ලැබූහ.

 

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]