English
தமிழ்
කර්තෘ Chathuranga Rajapaksha
02 Aug, 2014 | 10:36 pm
පසුගිය දා සන්නද්ධ පිරිසකගේ පැහැර ගැනීමට ලක් ව සිට යළි සොයා ගැනුණු ගල්ගමුව, මීගලෑව දිනිදු යසේන් ලංකානාත් දරුවා කුරුණැගල දිස්ත්‍රික්කයේ ඇහැටුවැව ප්‍රදේශයේ පිහිටි ගල්කිරියාකන්ද වන රොදට රැගෙන ගොස් රඳවා තිබුණි.
ගල්කිරියාකන්ද වන රොද තුළ ගල් ගුහාවන් රැසක් තිබෙන අතර ඉන් එක් ගල් ගුහාවක යසේන් ලංකානාත් දරුවා රඳවාගෙන සිට තිබේ.
යසේන් පැහැරගත් පිරිස පසුව ,ප්‍රදේශයේ නිවසකට ඔහු ගෙනැවිත් දමා පලාගොස් තිබුණි.
දරුවා සිටින ස්ථානය පිළිබඳ තොරතුරු අනාවරණය වුයේ ඉන් අනතුරුවයි.
එම නිවසේ හිමිකරු කඩිනමින් පොලීසිය දැනුවත් කිරීමට පියවර ගෙන තිබුණා.
දින ගණනක් මව්පිය වැඩිහිටි උණුහුමෙන් ඈත්ව සිටි යසේන් ලංකානාත් ට යළි තම නිවසට යාමට අවස්ථාව උදාවිය.
ඊයේ රාත්‍රියේම පරීක්ෂණ කටයුතු සඳහා යසේන් ලංකානාත් රැගෙන ආවේ ගල්ගමුව නගරයේ පිහිටි පොලිස් ස්ථානාධිපති නිල නිවසටයි.
පොලිස් ස්ථානාධිපති නිල නිවස අසළ පිහිටි වෛද්‍ය මධ්‍යස්ථානයේ වෛද්‍යවරුන් දරුවා පරීක්ෂා කළහ.
පසුව යසේන් ලංකානාත් කොළඹට රැගෙන ඒමට පොලිස් නිලධාරීන් ඊයේ රාත්‍රියේම පියවර ගැනිණ.
පසුගිය දින කිහිපයේ දුක් සෝ සුසුම් අදෝනා වාතලයට මුසුවු යසේන්ගේ නිවසින් දැන් ඒ සියල්ල ඉවත්ව ගොසින් ය.
අද පෙරවරුවේ යසේන්ගේ ප්‍රදේශවාසින් කිරි උතුරුවමින් ඔහු යළි පැමිණීම පිළිබඳව සතුට පළ කළහ.
මේ අතර දරුවා සොයාගන්නා තෙක් දින 05 ක් එම ප්‍රදේශයේ රැදී සිටි නිව්ස්ෆස්ට් කණ්ඩායම සිය මෙහෙවර අවසන් කරමින් අද පස්වරුවේ යළිත් කොළඹ, ප්‍රධාන මධ්‍යස්ථානයට පැමිණීම සඳහා ගමන් ආරම්භ කළහ.
29 Nov, 2019 | 09:56 AM
11 Oct, 2019 | 09:44 PM
අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS