ගල්ගමුවේදී පැහැර ගත් දරුවා රඳවා සිටි ගල් ගුහාව: දරුවා සොයාගත් සතුට සමරන ගම් වැසියන් (Special Report)

ගල්ගමුවේදී පැහැර ගත් දරුවා රඳවා සිටි ගල් ගුහාව: දරුවා සොයාගත් සතුට සමරන ගම් වැසියන් (Special Report)

කර්තෘ Chathuranga Rajapaksha

02 Aug, 2014 | 8:24 pm

පසුගිය දා සන්නද්ධ පිරිසකගේ පැහැර ගැනීමට ලක් ව සිට යළි සොයා ගැනුණු ගල්ගමුව, මීගලෑව දිනිදු යසේන් ලංකානාත් දරුවා කුරුණැගල දිස්ත්‍රික්කයේ ඇහැටුවැව ප්‍රදේශයේ පිහිටි ගල්කිරියාකන්ද වන රොදට රැගෙන ගොස් රඳවා‍ තිබුණි.

දින කිහිපයක සිට එම ප්‍රදේශයේ රැ‍ඳෙමින් මෙම සිද්ධිය පිළිබඳ තොරතුරු වාර්තා කළ  නිව්ස්ෆස්ට් මාණ්ඩලික වාර්තාකරු අමර ශ්‍රී බණ්ඩාර සහ කැමරා ශිල්පී නන්දන විමලසේන අද එහි ගිය හ.

ගල්කිරියාකන්ද වන රොද තුළ ගල් ගුහාවන් රැසක් තිබෙන අතර ඉන් එක් ගල් ගුහාවක යසේන් ලංකානාත් දරුවා රඳවාගෙන සිට තිබේ.

යසේන් පැහැරගත් පිරිස පසුව ,ප්‍රදේශයේ නිවසකට ඔහු ගෙනැවිත් දමා  පලාගොස් තිබුණි.

දරුවා සිටින ස්ථානය පිළිබඳ තොරතුරු අනාවරණය වුයේ ඉන් අනතුරුවයි.

එම නිවසේ හිමිකරු කඩිනමින් පොලීසිය දැනුවත් කිරීමට පියවර ගෙන තිබුණා.

දින ගණනක් මව්පිය වැඩිහිටි උණුහුමෙන් ඈත්ව සිටි යසේන් ලංකානාත් ට යළි තම නිවසට යාමට අවස්ථාව උදාවිය.

ඊයේ රාත්‍රියේම පරීක්ෂණ කටයුතු සඳහා යසේන් ලංකානාත් රැගෙන ආවේ ගල්ගමුව නගරයේ පිහිටි පොලිස් ස්ථානාධිපති නිල නිවසටයි.

පොලිස් ස්ථානාධිපති නිල නිවස අසළ පිහිටි වෛද්‍ය මධ්‍යස්ථානයේ වෛද්‍යවරුන් දරුවා  පරීක්ෂා කළහ.

පසුව යසේන් ලංකානාත් කොළඹට රැගෙන ඒමට පොලිස් නිලධාරීන් ඊයේ රාත්‍රියේම පියවර ගැනිණ.

පසුගිය දින කිහිපයේ දුක් සෝ සුසුම් අදෝනා වාතලයට මුසුවු යසේන්ගේ නිවසින් දැන් ඒ සියල්ල ඉවත්ව ගොසින් ය.

අද පෙරවරුවේ යසේන්ගේ ප්‍රදේශවාසින් කිරි උතුරුවමින් ඔහු යළි පැමිණීම පිළිබඳව සතුට පළ කළහ.

මේ අතර දරුවා සොයාගන්නා තෙක් දින 05 ක් එම ප්‍රදේශයේ රැදී සිටි නිව්ස්ෆස්ට් කණ්ඩායම සිය මෙහෙවර අවසන් කරමින් අද පස්වරුවේ යළිත් කොළඹ, ප්‍රධාන මධ්‍යස්ථානයට පැමිණීම සඳහා ගමන් ආරම්භ කළහ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]