කොලොන්නාව නගර සභාවේ සේවකයින්ගෙන් උප සභාපතිට ප්‍රහාරයක් (Video)

කොලොන්නාව නගර සභාවේ සේවකයින්ගෙන් උප සභාපතිට ප්‍රහාරයක් (Video)

කර්තෘ Chathuranga Rajapaksha

02 Aug, 2014 | 9:01 pm

කොලොන්නාව නගර සභාවේ සේවකයින් පිරිසක් එහි උප සභාපතිවරයාට පහරදීමත් සමග අද නගර සභා භූමියේ නොසන්සුතාවක් ඇති විය.

මේ ගැටලුවට මුල්වූයේ මීතොටමුල්ල කසළ අංගනයට කසළ බැහැර කිරීම ඇතැම් මන්ත්‍රීවරුන් විසින්  ජාවාරමක් බවට පත් කරගෙන ඇති බවට සඳහන් ලිපියකි.

එම ලිපිය උප සභාපතිවරයාගේ ලිපිගොනුවල තිබී හමුවීමත් සමග ගැටුම ආරම්භ විය.

කොලොන්නාව නගර සභාව උප සභාපති සුරේෂ් කෝදාගොඩ මහතා

[quote]රාජකාරි කරන වෙලාවේ මට ගැහුවේ නගර සභාවේ සේවකයෝ ටිකයි නගාරාධිපතියි ඔක්කොම එකතු වෙලා මට ගැහුවේ මොකක්ද මේ . මේ කුඩු කාරයෝ අද නගර සභාවේ චන්ඩි පිස්තෝල ටී 56 දෙකක් දීලා තියෙනවා ටී 56 දෙකක් මේ පොලිසියෙන් . මේ පොලීසිය බලන් ඉන්නැද්දි ගහනවා මේකට සාධාරණයක් ඉෂ්ඨ කරන්න මේ කො‍ලොන්නාවේ ජනතාවට බියෙන් සැකක් නැතිව නගර සභාවට ඇවිල්ලා වැඩක් කරගන්න අයිතිය දෙන්න කියලා ගරු ආරක්ෂක ලේකම් තුමාගෙන් ඉල්ලනවා .[/quote]

කොලොන්නාව නගර සභාවේ සභාපති රවීන්ද්‍ර උදයශාන්ත මහතා

[quote]ඇත්තටම මේ පුද්ගලයා විසින් බලය ලබා ගැනීමට මට දරුණු අපරාධකාරයෙක් කුඩු කාරයෙක්  ජාවාරම් කාරයෙක් චණ්ඩියෙක් ඊළඟට මේ කුණු වලින් සල්ලි ගන්නවා කියලා නෙයෙකුත් අපහාස කරා පහරදීමක් කියන එක දන්නේ නෑ. මං හිතන්නේ ඉදිරියේදී පරීක්ෂණයක් කරයි ඒක මම නම් ඇස්දෙකට දැක්කේ නෑ.[/quote]

සිද්ධිය සමබන්ධයෙන් වැල්ලම්පිටිය පොලීසිය පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේය.

මේ අතර කොලොන්නාව නගර සභාවේ ගැටුම සම්බන්ධයෙන් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ බස්නාහිර පළාත් සභා මන්ත්‍රී සුසිල් කිඳෙල්පිටිය මහතා සිය අදහස් පළ කළේය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]