ඉන්දීය ධීවරයින් ශ්‍රී ලංකාවට පැමිණීමට සූදානම්ව සිටි අයුරු (Video)

ඉන්දීය ධීවරයින් ශ්‍රී ලංකාවට පැමිණීමට සූදානම්ව සිටි අයුරු (Video)

කර්තෘ Chathuranga Rajapaksha

02 Aug, 2014 | 9:38 pm

රාමේෂ්වරන් සිට කච්චතිව් හරහා ශ්‍රී ලංකාවට මුහුදු මඟින් පැමිණීමට සූදානම්වූ ධීවර යාත්‍රා පෙලපාලිය  දින 10කට කල්දැමීමට අද තිරණය කෙරිණ.

විරෝධතාව තාවකාලිකව නතර කෙරුණේ රක්ෂිත බන්ධනාගාර ගතව සිටින ඉන්දියානු ධීවරයින් සහ ඔවුන්ගේ ධීවර යාත්‍රා නිදහස් කර දෙන බවට  ඉන්දීය මධ්‍යම ආණ්ඩුව ලබාදුන් පොරොන්දුවට අනුවනි.

අදාළ පොරොන්දුව ලබාදී ඇත්තේ ඉන්දීය මධ්‍යම ආණ්ඩුවේ  අමාත්‍ය පොන් රාධා කිෂ්ණන් මහතා විසින්.

තමිල්නාඩු ධීවරයින් සිය විරෝධතාව ආරම්භ කළේ පසුගිය 24 වැනිදා ය.

තම ධීවර යාත්‍රාවල සුදු කොඩි ඔසවා විරෝධතාවයේ නිරතවූ ධීවරයින් අද දිනයේදී සිය පවුල්වල සාමාජිකයින් සමඟ ශ්‍රී ලංකාව බලා පැමිණීමට සූදානම්ව සිටිය හ.

අද උදෑසන රාමේෂ්වරම් හීදී විරෝධතාවක නිරතව සිටි එම පිරිස හමුවූ ඉන්දීය මධ්‍ය රජයේ නියෝජ්‍ය අමාත්‍ය පොන්.රාධා ක්‍රිෂ්ණන් මහතා පවසා ඇත්තේ අදාළ ගැටලුවට කඩිනම් විසඳුම් ලබාදෙන බව ය.

එම පොරොන්දුවෙන් පසු ධීවරයින් තාවකාලිකව විරෝධය නතර කළ බව අප වාර්තාකරු පැවසීය.

ඉන්දීය ධීවරයින්ගේ මෙම විරෝධතාවය හේතුවෙන්  රාමේෂ්වරන් ඇතුළු මුහුදුබඩ ප්‍රදේශවල ආරක්ෂාව දැඩිකර තිබුණි.