පොදුරාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙලේදී නිලූක 16 දෙනාගේ වටයට සුදුසකම් ලබා ගනී (VIDEO)

පොදුරාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙලේදී නිලූක 16 දෙනාගේ වටයට සුදුසකම් ලබා ගනී (VIDEO)

කර්තෘ Sagarika Chathumali

30 Jul, 2014 | 10:17 pm

පොදුරාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙලේදී බැඩ්මින්ටන් ජාතික ශූර නිලූක කරුණාරත්න පිරිමි කේවල ඉසව්වේ මූලික වටය සඳහා අද අලුයම සහභාගි විය.

එම තරගයේදී නිලූක, තරගය වට 2ට 0ක් ලෙසින් ඝානාවේ අබ්රහම් අයිටෙයි ජරාජය කළේ ය.

අනතුරුව 32දෙදෙනාගේ වටයේදී නිලුක මාලදිව‍යිනේ නෂෙයු ෂරෆුඩීන් වට 2ට 0ක් ලෙස පරාජය කළේ ය.

එම ජයග්‍රහණය ත් සමග 16 දෙනාගේ වටයට සුදුසකම් ලබා ගත් නිලූක ඉන්දියාවේ ශ්‍රී කාන්ත් කිඩම්බි සමග හෙට තරග වදිනු ඇති.

මේ අතර පොදුරාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙලේ බැඩ්මින්ටන් පිරිමි කේවල තරග ඉසව්වේ 16 දෙනාගේ වටයට පිවිසීමේ අවස්ථාව ශ්‍රී ලංකාවේ බුවනෙක දූල්ලෑවට අද අහිමි විය.

ඒ,  අද පැවැති තරගයේදී මලයාසියාවේ චොන්ග් වෙයි ෆෙන්ග් හමුවේ වට 2ට 0ක් ලෙස පරාජය වීම හේතුවෙනි.

ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ක්‍රීඩිකා අචිනි රත්නසිරිද අද වට 2ට 1ක් ලෙස නවසීලන්ත ක්‍රීඩිකා මිෂෙල් චෑන් හමුවේ පරාජයට පත් වූවා ය.

කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ දිනූක කරුණාරත්න, තිලිණි හෙන්දහේවා සහ  නදීශා ගයන්ති ද කේවල අංශයේ 16 දෙනාගේ වටයට අද සුදුසුකම් ලබා ගත්හ.

පොදුරාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙලේ ‍සියලු තරග චැම්පියන්ස් නෙට්වර්ක්ස් සිරස, ශක්ති ටී. වී. සහ එම්. ටී. වී. ස්පෝර්ට්ස් නාළිකා ඔස්සේ සජීවිව ඔබට නැරඹිය හැකි ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]