රංගන සහ දිල්රුවන් ඉදිරියේ දකුණු අප්‍රිකා පිතිකරුවන් අසරණ වෙති: හෂීම් අම්ලාගෙන් විශිෂ්ට ශතකයක්

රංගන සහ දිල්රුවන් ඉදිරියේ දකුණු අප්‍රිකා පිතිකරුවන් අසරණ වෙති: හෂීම් අම්ලාගෙන් විශිෂ්ට ශතකයක්

රංගන සහ දිල්රුවන් ඉදිරියේ දකුණු අප්‍රිකා පිතිකරුවන් අසරණ වෙති: හෂීම් අම්ලාගෙන් විශිෂ්ට ශතකයක්

කර්තෘ Chathuranga Rajapaksha

26 Jul, 2014 | 5:49 pm

රංගන හේරත්ගේ සහ දිල්රුවන් පෙරේරාගේ විශිෂ්ට පන්දු යැවීම හේතුවෙන් දකුණු අප්‍රිකා පළමු ඉනිම ලකුණු 282කට සීමා කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් අද සමත් වූහ.

දිල්රුවන් පෙරේරා ලකුණු 69 කඩුලු 5ක් දවාගත් අතර රංගන හේරත් ලකුණු 71කට කඩුලු 4ක් දවා ගැනිමට සමත් වූහ.

අද දිනය අවසන් වනවිට සිය දෙවන ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම කිසිඳු කඩුල්ලක් නොදැවී රැස් කරගෙන සිටින ලකුණු ගණන 10කි.

ඒ අනුව ශ්‍රී ලංකාව මේ වනවිට දකුණු අප්‍රිකාවට වඩා ලකුණු 150ක් ඉදිරියෙන් සිටිති.

කොළඹ, එස්.එස්.සී. පිටියේදී තරගය තුන්වන දිනයට අද ආරම්භ කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි දකුණු අප්‍රිකාව කඩුලු 3ක් දැවී ලබා සිටි ලකුණු ගණන 98කි.

දිනයේ පළමු කඩුල්ල ලෙස ඒ.බී. ඩිවිලියර්ස් ලකුණු 37කට දැවී ගියේය.

හුදකලා සටනක නිරත වූ නායක හෂිම් අම්ලා අද සිය 22වන ටෙස්ට් ශතකය ලබා ගැනීමට සමත් විය.

ඔහු නොදැවී ලබාගත් ලකුණු ගණන 139කි.

ඩේල් ස්ටේන් ලකුණු 30ක් ලබා ගත්තේය.

දකුණු අප්‍රිකා ඉනිමේ පිතිකරුවන් 6 දෙනෙකුම ලකුණු 10 සීමාව පසු කිරීමට පෙර දැවීයාම විශේෂත්වයකි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]