MH17 ගුවන් යානයේ කළු පෙට්ටිය බ්‍රිතාන්‍යයට රැගෙන යයි

MH17 ගුවන් යානයේ කළු පෙට්ටිය බ්‍රිතාන්‍යයට රැගෙන යයි

MH17 ගුවන් යානයේ කළු පෙට්ටිය බ්‍රිතාන්‍යයට රැගෙන යයි

කර්තෘ Kumudu Jayawardana

23 Jul, 2014 | 4:14 pm

යුක්‍රේනයේදී කඩා වැටුණු මැලේසියාවට අයත් MH17 ගුවන් යානයේ කළු පෙට්ටිය ඇතුළු උපකරණ බ්‍රිතාන්‍යයට රැගෙනවිත් තිබේ.

බ්‍රිතාන්‍ය ගුවන් අනතුරු විමර්ශන ඒකකය ප්‍රකාශ කළේ, ගුවන් යානයේ කළු පෙට්ටියෙහි ඇතුළත් තොරතුරු පිළිබඳව විශේෂඥයින් යොදවා පරීක්ෂා කරන බව ය.

කළු පෙට්ටියෙහි දත්ත download කර ගුවන් අනතුර පිළිබඳව පරීක්ෂණ පවත්වන නෙදර්ලන්ත බලධාරීන්ට භාර දීමට නියමිත ය.

එම දත්ත ලබා ගැනීම සඳහා දින දෙකක් පමණ ගත වනු ඇතැයි විශ්වාස කෙරේ.

MH17 ගුවන් යානයේ කළු පෙට්ටිය සොයා ගත් යුක්‍රේන කැරලිකරුවන් එය මැලේසියානු බලධාරීන් පිරිසකට පසුගිය දා ලබා දුන් අතර ඉන්පසු එය බ්‍රිතාන්‍යය වෙත රැගෙන යන ලදී.

පසුගිය 17 වන දා කැරලිකරුවන්ගේ මිසයිල ප්‍රහාරයකින් විනාශ වූ ගුවන් යානයේ සිටි පුද්ගලයින් 298 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]