හෙරොයින් කන්ටේනරය: සැකකරුවන් 2 ගැන තොරතුරු කිහිපයක් හෙළි වෙයි (VIDEO)

හෙරොයින් කන්ටේනරය: සැකකරුවන් 2 ගැන තොරතුරු කිහිපයක් හෙළි වෙයි (VIDEO)

කර්තෘ Sagarika Chathumali

23 Jul, 2014 | 8:51 pm

රේගු භාරයට පත් හෙරොයින් තොගය සහ සැකකරුවන් දෙදෙනෙකු පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයට භාර දී තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පැවසුවේ, සැකකරුවන් දෙදෙනාගෙන් එක් අයෙකු මරදාන ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව ත් අනෙක් තැනැත්තා ගම්පොළ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව ත් ය.

ඔවුන්ගෙන් මේ වන විට ප්‍රශ්නකරන බව ඔහු වැඩිදුරට ත් පැවසී ය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ මෙම මත්ද්‍රව්‍ය තොගය මෙරටට එවූ පුද්ගලයින් සොයා විමර්ශන සිදුවන බව ය.

පසුගිය සඳුදා ඔරුගොඩවත්ත අංගනයේ කන්ටේනරයක් තුළ තිබී හෙරොයින් පැකට් 92ක් සොයා ගැනිණ.

එහිදී සැකපිට පුද්ගලයින් 5 දෙනෙකු අත්අඩංගුවට ගත් බව රේගුව සඳහන් කළේ ය.

ඒ අතර අදාළ කන්ටේනරයේ භාරකරු එය ගෙන්වූ සමාගමේ හිමිකරු  සහ වාප්පු ලිපිකරුවන් තිදෙනෙකු ඇතුළත් ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]