රාජ්‍ය අංශයේ සේවා ලබා ගැනීමේදී ඇති වන ගැටලු විසඳීමට විශේෂ ක්‍රමවේදයක් (VIDEO)

රාජ්‍ය අංශයේ සේවා ලබා ගැනීමේදී ඇති වන ගැටලු විසඳීමට විශේෂ ක්‍රමවේදයක් (VIDEO)

කර්තෘ Sagarika Chathumali

23 Jul, 2014 | 8:34 pm

රාජ්‍ය අංශයේ සේවා ලබා ගැනීමේදී ජනතාවට මතුවන ගැටලු විසඳීමට සකස් කළ විශේෂ ක්‍රමවේදය ජනාධිපතිතුමා විසින් අද විවෘත කරනු ලැබී ය.

රාජ්‍ය කළමනාකරණ සහ ප්‍රතිසංස්කරණ අමාත්‍යංශය සකස් කළ මෙම ක්‍රමවේදය  ඊයේ විවෘත කෙරුණේ අරලියගහ මන්දිරයේදී ය.

මෙහි මූලික අදියරට අධ්‍යාපන හා පරිසර අමාත්‍යංශ  ගොවිජන සංවර්ධන, වන සංරක්ෂණ, වාරිමාර්ග, වන සංරක්ෂණ යන දෙපාර්තමේන්තු සහ  ජාතික ජල සම්පාදන හා ජලපවහන මණ්ඩලය යන ආයතන 7 ක් ඇතුළත් ව ඇත.

දැනට එම ආයතනවලට ජනතාව ඉදිරිපත් කරන දුක්ගැනවිලි සඳහා විසඳුම් ලබා ගැනීමට හැකිවන අතර ඉදිරියේදී රජයේ අනෙකුත් ආයතන සඳහා ද මෙම ක්‍රියාවලිය හඳුන්වා දීමට නියමිත ය.

www.complaints.gov.lk වෙබ් අඩවියට පිවිසිමෙන් හෝ 1919 දුරකථන අංකයෙන් රාජ්‍ය තොරතුරු කේන්ද්‍රය ඇමතීමෙන්  අදාළ ආයතනවල  මහජන  කවුළුවලට යොමු කිරීමෙන්  ගැටලු විසඳා ගැනීමට පහසුකම් සලසා ති‍බේ.

එම දුක් ගැනවිල්ලේ වත්මන් තත්ත්වය කෙටි පණිවිඩයක් මඟින් හෝ විද්‍යුත් ලිපියක් මඟින් දැන ගැනීමේ පහසුකම ද මෙම ක්‍රමවේදයට ඇතුළත් ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]