මානසික රෝගීන් සොයා ශ්‍රී ලංකාව තුළ දීපව්‍යාප්ත සමීක්ෂණයක්

මානසික රෝගීන් සොයා ශ්‍රී ලංකාව තුළ දීපව්‍යාප්ත සමීක්ෂණයක්

මානසික රෝගීන් සොයා ශ්‍රී ලංකාව තුළ දීපව්‍යාප්ත සමීක්ෂණයක්

කර්තෘ Sagarika Chathumali

23 Jul, 2014 | 5:20 pm

මෙරට ජනගහනයෙන් කොපමණ ප‍්‍රතිශතයක් මානසික ආබාධවලින් පෙළෙන්නේ යන්න සොයා බැලීම සඳහා ජාතික මට්ටමේ සමීක්ෂණයක් පැවැත්වීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබේ.

එහි මානසික සෞඛ්‍ය ඒකකය, උපුටා දක්වමින් රජයේ නිල පුවත් වෙබ් අඩවිය සඳහන් කළේ, 2007 වසරෙන් පසු මෙවැනි දීපව්‍යාප්ත සමීක්ෂණයක් ශ්‍රී ලංකාව තුළ සිදු කර නොමැති බව ය.

2007 වසරේදී ශ‍්‍රී ලංකාවේ මානසික රෝගීන් පිළිබඳ අධ්‍යයනයක් සිදුකරනු ලැබ ඇත්තේ, ලෝක සෞඛ්‍ය සංවිධානය විසිනි.

එම සමීක්ෂණයට අනුව මෙරට ජනගහනයෙන් 1%ක් කුමන හෝ මානසික ආබාධයකින් පෙළෙන බව තහවුරු වී තිබේ.

මෙරට ජනගහනයෙන් කොපමණ ප‍්‍රතිශතයක් මානසික ආබාධවලින් පෙළෙන්නේ ද? සහ ශ්‍රී ලංකාව තුළ බහුල වශයෙන් දක්නට ලැබෙන මානසික රෝග කවරේ ද? යන්න පිළිබඳ නිවැරදි තොරතුරු ලබා ගැනීම මෙම සමීක්ෂණයේ අරමුණු වේ.

නියාමන ව්‍යාපෘතියක් වශයෙන් මෙම වර්ෂයේදී කොළඹ දිස්ත‍්‍රික්කය ඉලක්ක කර මූලික අධ්‍යයනයක් සිදු කිරීමට නියමිත අතර ඒ අනුව දීපව්‍යාප්ත සමීක්ෂණය 2015 වසරේදී සිදු කිරීමට නියමිත සෞඛ්‍ය අමාත්‍යාංශයේ මානසික සෞඛ්‍ය ඒක‍කයේ අධ්‍යක්ෂිකා වෛද්‍ය රසාංජලී හෙට්ටිආරච්චි මහත්මිය පවසා ඇත.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]