දිනේෂ් චන්දිමාල් ටෙස්ට් කණ්ඩායමෙන් ඉවතට: කඩුලු රැකීමට නවකයෙක්

දිනේෂ් චන්දිමාල් ටෙස්ට් කණ්ඩායමෙන් ඉවතට: කඩුලු රැකීමට නවකයෙක්

දිනේෂ් චන්දිමාල් ටෙස්ට් කණ්ඩායමෙන් ඉවතට: කඩුලු රැකීමට නවකයෙක්

කර්තෘ Kumudu Jayawardana

23 Jul, 2014 | 12:18 pm

සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම සමග පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් දිනේෂ් චන්දිමාල් ඉවත් කර තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසන්නේ, දිනේෂ් චන්දිමාල් වෙනුවට පිතිකරුවෙකු මෙන් ම කඩුලු රකින්නෙකු ලෙස ද ක්‍රීඩා කරන නිරෝෂන් දික්වැල්ල ඉදිරි තරග සඳහා කැඳවා ඇති බව ය.

ඔහු ශ්‍රී ලංකා A කණ්ඩායම සමග එංගලන්ත සංචාරයකට එක්ව සිටියේ ය.

ඔහුගෙන් සිදුවන පුරප්පාඩුව සඳහා දිනේෂ් චන්දිමාල් නම් කර තිබේ.

පළමු‍ ටෙස්ට් තරගයේදී දිනේෂ් චන්දිමාල් ඉනිම දෙකේදී ම රැස් කළේ, ලකුණු 7ක් පමණි.

ඔහුට එංගලන්ත සහ දකුණු අප්‍රිකානු තරගාවලි දෙකේදී ම දක්ෂතා අතරට පැමිණීමට හැකි වූයේ නැත.

දෙවන ටෙස්ට් තරගයේදී නිරෝෂන් දික්වැල්ල කණ්ඩායමට ඇතුළත් වුවහොත් එය ඔහුගේ මංගල ටෙස්ට් තරගය වනු ඇත.

මහනුවර, ත්‍රිත්ව විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වන නිරෝෂන් ජාතික කණ්ඩායම නියෝජනය කරන පළමු අවස්ථාව මෙය වේ.

ඔහු පළමු පෙළ තරග 22කදී ලකුණු 1206ක් රැස් කර තිබේ.