කෝට්ටේ අසිරිය වැඩි කිරීමට නුදුරේ ම එක් කෙරෙන ‍අලුත් ම ස්ථානය (VIDEO)

කෝට්ටේ අසිරිය වැඩි කිරීමට නුදුරේ ම එක් කෙරෙන ‍අලුත් ම ස්ථානය (VIDEO)

කර්තෘ Sagarika Chathumali

23 Jul, 2014 | 10:35 pm

සංවර්ධනයේදී පරිසර විනාශයන් පිළිබඳව ඇතැම් අවස්ථාවල චෝදනා නැගෙයි.

එහෙත් ශ්‍රී ලංකාවේ පරිපාලන අග නගරය සංවර්ධනය කෙරෙන්නේ ස්වභාවික පරිසර පද්ධතිය ද උපයෝගී කර ගනිමිනි.

ශ්‍රී ලංකාවට ආවේණික මෙන්ම සංචාරක පක්ෂීන් ඇතුළු සතුන් ගැවසෙන ජෛව විවිධත්වයෙන් අනූන ස්ථානයක් පාර්ලිමේන්තු වටරවුම අසලින් ඇරඹෙන ශ්‍රී ලංකා නිපෝන් මාවතේ ගිය විට දක්නට හැකි ය.

එවැනි වටිනාකමක් ඇති එම ස්ථානය නොදැනුවත් බව නිසා ම පසුගිය කාලය පුරා අනවසර ගොඩ කිරීම් හා මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් විනාශයට යමින් තිබුණි.

එය වලක්වා ගැනීම සඳහා මෙන් ම ජල ගැලීම් පාලනය කිරීමට මෙම ස්ථානය පරසර පද්ධති ආරක්ෂා කරමින් සංවර්ධනය කෙරෙයි.

මෙය මතු දිනක පරිසරය පිළිබද අධ්‍යනය කරන්නන්ට ද තෝ තැන්නක් වනු ඇති.

එමෙන් ම ශාරිරික ව්‍යායාමවල යෙදෙන්නන්ට ද මෙහි මං තීරුවක් තැනෙන අතර එය ඉදි වන්නේ ශ්‍රී ලංකා නිපෝන් මාවත ඔස්සේ ය.

එය  පාර්ලිමේන්තු වට රවුම අසල ඇති දියත උද්‍යානය සමග ද සම්බන්ධ කෙරෙණු ඇති.

රාජ්‍ය ආකරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යංශයේ මෙහෙය වීමෙන්,නාගරික සංවර්ධන අධිකාරි ඉදිකිරීම් කරන මෙම භූමිය වැඩ අවසන් වූ පසු මෙලෙස කෝට්ටේ අසිරිය ඉහළ නංවනු ඇති.